උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

කවිකාර මඩුව

පැන ගිය සමාධිය

සොරකමක් ගැන නොදත් පුතුණි උඹ රත්තර      න්

සසල වුණ සිතු දාම දුකිනි හද බර           කර       න්

මතු දැයෙන් උන් උඹට ණය ගැතිය මක්කර          න්

යදින අය හට වැදේ බිය නොවන් රත්තර               න්

පැන් කළය ඉඟ තියා බෝ මුලට වක්කර                න්

මල් වට්ටි හත අටක් අරන් දුම් දී යෙහෙ                 න්     

පෙරනවා බැතිය සුදු රෙදි පසා කර ඉර                   න්

උවසු දෙස් කරද්දී සමාධියෙ නැහැ වර                   න්

 

තමන් කුණු ගොඩක වුව අනුන් කුණු හොය       හොයා

රෙපවු ඒ රෙදි කඩට නිගා දෙයි මෙත                    කියා

කනත්තේ වැනුම් හඬ ඇසෙයි සද්ගුණ                    දයා

අහෝ!  කිම සසර හැටි සමාධිය පැන                     ගියා

 - රත්නා කහඳගමගේ -   

රත්නා කහඳගමගේ

 

🌸🌸🌸

මත් බඹරුන් සරන..

අම්මා ගියා ඈතින් ඈතට යාලේ...

නිම්මා නැතිව දෙනෙතින් උණු කඳුළු සැලේ...

සම්මා දිට්ඨි නැති මුත් යන්නට දෑලේ...

පෙම්මා වඩයි ඔබගෙන් ලැබෙනා ආලේ...

නෙත් කොනකින් ඉඟි මරමින් මගේ පැලට ආව දිනේ...

සත් සමුදුර තරණය කොට ජය ගත්තා වගේ හැගුනේ...

මත් බඹරුන් සැරි සැරුවත් උදුරා ගනු බැරුව සෙනේ...

සිත් අහසේ මෙත් සිසිලස එදා වගේ තවම දැනේ...

ඇන්ජලා පැල්පොළ

 

 

🌸🌸🌸

මතක අතර..

මතක අතර..

බැඳුණු සිත්..

හරිම පුදුමාකාරයි..

විටක රඑයි..

වරෙක සඳ මෙන්..

සිසිලයි..

ලෝබ  හිතුණා .

දාලා යන්න..

මා අහුලාගත්..

විරහව..

ප්‍රේමනිය කැඩපතේ..

කඳුළු  ඵකතුකර..

නොපෙනි ගිහින්..

සිත පෑරුණු ..

හැම දිනක..

දොඩමලු  සිත..

වශිකරන්..

පිරිමැද්දෙම..

නුඹෙ පුසුඹ..

හිත ගියා මඳකට..

ඉගිලුණා  සත් සමුදුර..

තටු නැතත් ..

මවාගත්..

සිහින මාලිගේ ..

බඹසර මාත් ..

වින්දා..

පෙරදා මෙන්..

නැවුමි සිතකින්..

යළි ඵන්න..

බලා ඉන්නමි..

සිහින සෙවණැලි  හද..

       ශ්‍යාමලී ගමගේ