උණුසුම් පුවත්කව් මිණි වැල්විශේෂාංගසාහිත්‍යය හා කලාව

කවිකාර මඩුව

නිදහස් අධ්‍යාපන මවුනි

නාමල් ගමගේ

 

නිදා    සිටි ජාතියක් පුබුදා ඇවිළුවාලූ මිණි පහණ                        නැණ

මුදා     හැර නෙක තිමිර පට පාපයේ සහ සාපයේ                     වටවුණ

රඳා      ගත් තම දෙඅත මත ප්‍රේමයේ එකමුතු බවේ යහ                ගුණ

සදා       වේමැයි මගේ රට දැය වෙතට අම්මේ ඔබේ                 සුසරණ

 

එදා       අදිරද වාදීන්ගෙන් කිලිටිවූ මව් බිමේ                           අසරණ

කිඳා       බැසගත් සියළු දුර්මත වලින් බැටකෑ යුගය                 අනුවණ

බිඳා       හැර නිම කළේ සාමය පතුරුවා මේ බිමේ සිවු               කොණ

විදා         ලූ ඔබ යුගත් සෙවණේ වොරැඳි ඔබගේ දරු කැලන්        ගෙන

 

රුදා         ගෙන දුන් පිලිලයක් ලෙස දැයේ ගත තුල ඔඩු දුවා          යන

බෙදා        වෙන් කළ මෙලක දරුවන් ජාති ආගම් කුල           භේදයෙන

දදා           පටු අදහසින් මිථ්‍යා මානයෙන් සිත් අඳුරු කර                ලන

මුදා           ගත්තේ ඔබය අම්මේ සදාතන සත්‍යයේ එළි                 යෙන

 

උදා           කරමින් වරම් සරසවි සියළු සාහිත කලා                 පොබයන

සදා           විස්කම් දෙවිඳුටද මග ජාතියේ හද වෙත වඩින               මෙන

උදා           රම් නැණ විකුම බලයෙන් ගුවන දෙරණත සයුර          ගුගුරන

හදා            වැඩුවේ ඔබය මේ රට විමැසුමෙන් නිරතුරුව            දිරියෙන

 

විදා            රිත නේ මඬල පායා වලා පහ කළ සුපුන් සඳ                මෙන

සුධා            ධවලව රැඳෙයි ලකඹර අරා මුළු දැය එකලු                කරමින

සුධා            රක බව සුලෝහිත බව සුසංහිත බව මුළු හදින්              ගෙන

සදා             වැතිරෙමි ඔබේ නිය රැස් අතර ලේ කිරි සුවඳ කැටි           වුණ

 

සදා           දුන් ජාතියට මාවත සදා කල්හිම ලෙස                  නොපිරිහෙන

සදා            දර මවු ඔබය ඔබමය පොබයනා සිත් සියල්                  යුවජන

පුදා            නිදහස් අධ්‍යාපනය සියල් සිරිලක මලින් වෙන                වෙන

මඳා           රා පරසතු මලින් තව පිදිය යුතු බව කියමි                 බැතියෙන