උණුසුම් පුවත්කව් මිණි වැල්කාලීනවිශේෂාංගසාහිත්‍යය හා කලාව

කවිකාර මඩුව

කහඳ - මගේ ගම (01)

හිරුද  නැග ඒ අරුණු පතුරා වවුලුගල ගිරි මුදුන                       තින්

යලිද  බැසයයි නිසල කොග්ගල ඔයේ සීතල දිය   ම                 තින්

ලඳුද දෙනි ගස්වැල් සතා සිවුපාවුනට ගම වී          ඉ                 තින්

මටද   ගමවූ කහඳ සිත්තම් කරමි මතකයෙ අත්පො                  තින්

 

ඇවිද යන කල වෙල් නියර මත උදෑසන පිණිමත        සෙ        මින්

නොමඳ  කිතියක් සියුම් පහසක් දැනිණි පා යට  පොපිය            මින්

ඇහිඳ   කන සියොතුනගෙ ගී නද ගුචන් තලයේ රැව් දෙ            මින්

අමොද  බිඳු  හද මතට වැගිරී යුග සවන් පත් පින ව                  මින්

 

නිබඳ    ඔරුවක් දෙකක් බැද තිබු කිතුල්ගස් තොටුපොල'තු           රින්

පැහැද  දිය ගැඹරෙහි සැරූ  නන් පැහැති කුඩමසු පෙරහැ              රින්

සුවඳ    වගුරා සෙමින් නැලැවුණු තෙල් කුමුදු යායේ දු                  රින්

මන්ද     මාරුත නිපන් කුස රුකදොළුව දිස් විණ බටහි                 රින්

 

චෘන්ද    වාදන කිරල කොරවක් නද ඇසෙද්දී සිවු දෙ                     සින්

පැද්ද      ඔරුවෙහි හබල අතහැර පාවෙද්දි සිත් සරතැ                    සින්

මින්ද      දගෙ හීයට බැන්ද මල් දසත විසිරී ගිය ලෙ                       සින්

නෙකද    පැහැ ගත් මල් යහනෙ රුකඳොළුව නැලැවිනි පෙම් ර       සින්

 

විහිද       පැතිරුණු මහ ගඟේ දිය පළිඟු තලයම සරස                   මින්

පළඳ       නාසේ පෙනිණි තැන තැන ඕලු මානෙල් ලෙල දෙ          මින්

ඔළිඳ       පෑයෙන් දිනිඳු මුදුවිණි කෙමෙන් අවරට බර වෙ              මින්

ඔකඳ       විය සිත දුටු එදසුනින් දෙදොල් කඩුළු සිසාර                  මින්

 

සුවඳ       පැතිරෙන රුක්මලින් සල්මලින් නාමල් රේණු             යෙන්

යලිද        නැංවෙන ප්‍රතිරාව ඇති මිහිරි ඝංඨා නාද                     යෙන්

බෙරද      සිංගාරම්ද හැඬවෙන මහත් පසතුරු ගෝස                  යෙන්

නාමල් ගමගේ

කන්ද       උඩ සුදු වෙහෙර දිස්වී දෙවූ වැනි බුදු රැස් දි                යෙන්

 

❤  ❤❤❤❤❤❤❤❤❤❤

 සුදු හාමිනේ

කඳුළු පිරුණු..

කඳුඑ පිදුම ..

මා නුඹට..

පුදමි..

නැවත හැරුණත්..

මතක සෙවණැලි ..

හුස්ම අතරින්..

මකා දමමි..

සදේ සෙයා..

සෙමින් සිපගෙන..

නුඹේ වරළස..

ගොතා බලම්‍..

ඵන්න හිතුණත්..

වැසුනු දේදුනු..

බිදුණු සිත්..

තාම සොයමි..

 

 

.අමල් බිසව් වී ඉඳපන්

 

පළංචියෙන් බිම හොත් දා

කිරුළ කැඩී විසිර ගියා    

ගෙයි මුල්ලක වැතිරුණු

ආම්පන්න මුලු වැදුණා

විදුලිය කෙඳි ඇඟේ දුවන

‍මුරුගසං වරුසාව

සූරිය දෙවියන් නොදකින

පුංචි ම මල් කැකුළ උඹ යි

 

ඇඟ මස් උගුල්ලන

නර වෙස් ගත් යකුන්

රුහිරය උරා බොයි

මුළු ලෝකෙට සුවඳ දෙන්න

අමල් බිවස් වී ඉඳපං

කිරි බරින් ‌තොර 

කඩා හැළෙන පපු කැනති

සෙනෙහස් දියෙන් තෙත් කර

නුඹ මුව තැබූ දා

මතකයි අද වගේ මට

ගෙයි වහලයම උහුලන

දිරාපත් කුළුළුක් වුව ද

හුදකලා පහන් ටැඹක් වන්

නුඹ හට කිරුළ පලන්දන්නට

අවසරයි මට

එතෙක් අමල් බිසව් වී ඉඳපන්

 - රත්නා කහඳගමගේ -

                                සඳ ළඟ මියෙමි

සිනි ඳු මල් පෙති මතට වැටෙන වැහි පබළු

මිණි ලෙසින් දිලිසුණත් මකා තරු මුකුළු

තනි කමට ලියන විට හිතින් කවි කැකුළු

පිනි නෙවෙයි වැටෙන්නේ සඳු හෙළන කඳුළු

 

පාට බොදවුණු අහස් සේද සළු පිළි මතට

රෑට සඳ එබෙන්නෙම රිදෙන මතකය උඩට

කාට කියමිද, සිතා ලියන කවි මල් මිටට

මීට පසු සිහින නෑ එළිසමය නැති  පවට

 

සඳත් තනිවෙලා ඉකිබිදින රෑ තනි කමට

පදත් අමතක වෙලා කවියෙ තනිවුණ හිතට

අදත් පෙර දා වගේ හීන ඉකිළන දුකට

හදත් අරගන දුකින් ඇවිද යමි කටු මතට

 

අතට අරගෙන කඳුළු ඇදපු සිතුවම් මකන

හිතට කළු පාට හැර වෙන සිහින නැහැ රැදුණ

නෙතට එබිකම් කරන රිදුන මතකය රැගෙන

හෙටට හිරු එන්න පෙර මියෙමි සඳ ළඟ මෙතන

සංජීවනී පද්මසේන

  - සංජීවනී පද්මසේන - 

 

 

                                                                                                                       සිත්තරාවියක්

 

කළු සුදු මිනිසුන්

කළු පැහැයෙන් - සුදු පැහැයෙන්

මිනිසුන් වර්ණ ගන්නන සිත්තරුන් අතරේ

මමත් එක් සිත්තරාවියක්

අළු පැහැයෙන් පමණක් මිනිසුන් සිත්තම් කරන

කිමද යත්...

මගේ නෙතට හසුවන පරිදි

සියයට සියයක්

 නිවැරදි සුදු මිනිසුන් හෝ

දුර්ගුණ පමණක් ඇති

කළු මිනිසුන්

මේ ලෝ තලයෙහි නොමැති නිසාවෙනි.

කළු සුදු වර්ණ සංකලනයක

කළු වැඩි වූ විට ඇති වන තද කළු පැහැයත්

සුදු වැඩි වූ විට ඇති වන ළා අළු පැහැයත්

පරිද්දෙන්... මනුසතුන් වපුරණ අස්වැන්නෙහි

හොඳ ඵලය වැඩි වූ විට

ළා අළු පැහැයටත්..

නරක ඵලය වැඩි වූ විට තද අළු පැහැයටත්

මිනිසා වර්ණ ගැන්වීමට

ම‌ගේ පින්සල නැමෙන්නේ

එබැවිනි නිරායාසයෙන්

                                                                                   - තාග්‍යා තත්සරණී  කළුබණ්ඩාරගේ  -