උණුසුම් පුවත්කව් මිණි වැල්විශේෂාංගසාහිත්‍යය හා කලාව

කවිකාර මඩුව

කහඳ - මගේ ගම - 2

 

 

 

 

 

නොබිඳ    වත් පිරු සඟුන් වැඩ සිටි නිතර ලෝ වැඩ සලස                මින්

කහඳ       පන්සල පසිඳු විය ගුරු හරු කමින් වෙද හෙද ක                මින්

නොමඳ     බෝසත් ගුණැති සිරි සීලානන්ද නාහිමියෝ පෙ               මින්

මටද         අත්පොත් තුබූ තුරුලෙහි සිවුර මත ගෙන හිඳුව                මින්

වරද        නොබැඳෙන සත්පුරුෂ ගැමි නයුන් සහලේ  නෑසි              යන්

කිසිද       කිරියක් නොමැති තැනතැන රංචු ගැසෙනා අලස               යන්

සුහද       මිතු පිළිසඳර දොඩනා අහිංසක ගැමි යුවති                        යන්

එකද        ලෙස උසුලා දැරී ගම සියල් මනුසත් භාව                        යන්

කළඳ       මංචාඩියෙන් ඔසු ගෙන රෝග සුව කළ වෙදැ'දු                 රන්

සුළුද        නැඹුළුද මහත් යක් සෙන් සලිත කැරැවූ යකැ'දු                  රන්

නිබඳ        සුපහන් සිතින් සිප් නැණ බෙදූ ගුණබර සිපැ'දු                  රන්

සුවඳ         ගත් මතකයේ ගඟ අද ගලයි සිත සුවපත් ක                     රන්

 

විහිද          ගිය අතුපතර ඇති මහ නුගේ යට මළු භූමි                    යෙන්

බෙරද        ගුගුරා ගිගිරි පරලය යාතිකා දෙවි නාම                        යෙන්

සවුද          මෙන් පෙලපාලියෙන් පොල් පොරෙන් දහ අට සන්නි   යෙන්

මහද         කුල්මත් වෙමින් පිබිදිණි අඬහැරෙන් දෙවි තොවිල        යෙන්

බෙයද        ගිරි කුල වවුළුගල තුල නිදන් රක්නා නාග                      යින්

ගවද          මහිෂද රංචු රැක දෙන දේවතා ගෝපාල                         යින්

මිණිද        ඉසියුම් හඬින් හඬවන සූනියම් ගම් බාර                         යින්

එසඳ        ගණ'ඳුර තුල සැරූ රෑ සිතෙහි බිය ගෙන දෙන සෙ             යින්

කන්ද        මුදුනෙන් බෝධියෙන් කොත් කැරැල්ලෙන් ගමන'රඹ      මින්

නිබඳ        නික්මී ගමන් ගත් දේවතා එලි රෑ පෙන්ව                         මින්

පබැඳ       ගැමි රස කතා කී මිත්තනිය මුව'ගින් ඇරැඹෙ                   මින්

විහිද         ලොව සැරු සියුම් සිත් ඇති කහඳ අහසේ් පවෙ               මින්

කන්ද        මුදුනෙන් බෝධියෙන් කොත් කැරැල්ලෙන් ගමන'රඹ      මින්

නිබඳ        නික්මී ගමන් ගත් දේවතා එලි රෑ පෙන්ව                        මින්

පබැඳ       ගැමි රස කතා කී මිත්තනිය මුව'ගින් ඇරැඹෙ                   මින්

විහිද         ලොව සැරු සියුම් සිත් ඇති කහඳ අහසේ පාවෙ               මින්

බුද්ධ         භෝගය වගා කරනා කුඹුරු වතු පිටි ගස් කො                 ලන්

ශුද්ධ         මෙබිමට සිවුවරම් දෙවි අණින් වී දෙව් රැකව                   ලන්

කකුධ        ආයුධ දරා සියොලඟ නේක සළු පිලි හන්ප                    ලන්

සිද්ධ          විද්‍යාධරහු සිටියෝ කැටිව තව බෝ දෙව් කැ                 ලන්

ඇන්ද         පස් පෑ සිතියමින් දුල උඩු වියන් බැඳි වලා                      වන්

සුන්ද          රවු මල් පල පිරී ඇති තැනින් තැන මලපලා                   වන්

චන්ද           නාලේපයක් සදිසිව ගතෙහි දැවටෙන මඳ ප                  වන්

වින්ද           හැකි විය මෙදිවි තුලදිම සැපත මෙහි නඳුනුයනෙ           වන්

ළසඳ          සේ නැඟි කලා පුරමින් සිසිල් කැන් හිස ගල්ව               මින්

අනඳ          රස සහ මවු ගුණය යන දෙකම එක වර ගෙන එ            මින්

කහඳ         සෙත් සුව සදයි යමෙකුට සැනින් පිය ගටනා බි               මින්

විරුද          ගයනෙමි කහඳ ගම ගැන එවන් බලයක් ඇති ක             මින්

පුබුද           මින් ජාතියම තම දරු කැලන් මෙහෙයා නැණ ස            රින්

යලිද           මේ ගම නැගී ඒවා අතීතයෙ අසදිස                සි            රින්

වැළැඳ        ගන්නෙමි දයාබර ඔබ මගේ මනැසින් නොම'ද               රින්

සැරැද         මා දිනු කහඳ යලි සලසමින් ලෝ වැඩ සිරිස                   රින්

නාමල් ගමගේ