උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

කවිකාර මඩුව

ඉසුඹුවෙන් වැඩට යමි

රෑ මැදියමේ පියවුණු දෙඇස්

පාන්දර හතරටම අවදිව

එලාමය නැවතිලාදැයි අසන

අහම්බයක්මත් නොවූ

පුරුද්දක් සේම නැවත නැවතත්....

 

වියපත් කුසට හරියන

හොද්දක් පළාමැල්ලුමක් වෙනුවට

තෙල්දමා සින්දා

බත්මුල බදින්නට

කෙසෙල් කොළ තවතවා

අතරමග අතහරින සමහර දවස්

 

රෑ කිස හමාරව කඩිමුඩියෙ

උදෑසනට රෙදිපිළි මදින දසුනට

ළගට විත් සිනාසෙන කුටුම්බය

මතක්කර අමතකව ගිය ඉසිඹුව

 

මේ මහා මාළිගාවක විදිනු බැරි

දහවල  තෝන්තුව

කරකැවී කණපිට හැරී

සියලු දේ පෙනෙන විට

ගලවා උපැස් යුගල

පිසදා නැවත පළදිමි

සිතින් යමි සිති එමි

සතුට බෝ ලබමි

වැටුප් නොලබමි.    .....

 කුමුදුනී  මෙන්ඩිස්

කුරුණෑගල

🌸🌸🌸🌸🌸🌸    🌸🌸🌸🌸🌸🌸

 

සසර සයුර

ගලා යන සසරක

හමු වූ දිය බිඳකි

ජීවිතය

ගංගාවක් කර ගැනුම

ඇවසිද යාමට පෙරින් වියළී

හමා යන සුළඟ

කියා දේ ද දිශානතිය

අප යා යුතු මගෙහි

අපූර්වයකි

සිතක් ඇත ඒ දිය බිඳට

යා යුතු ඉසව් දැන

හමන සුළඟට වියැකී නොගොස්

දිය බිඳක තරම කියන්නට

මේ ලොවට

ඒ අපට කාලයයි

ඒ අපට දේශයයි

මේ අපේ වාරයයි

ජීබිතේ ජයගන්න

අපි ඉතින් සිනාසෙමු ද

දිය බිඳ පුරවා ගත්

සැළිය රත් වෙන තෙක්ම

චම්මින්ද වෙලගෙදර

🌸🌸🌸🌸🌸🌸  🌸🌸🌸🌸🌸🌸

මේ ආකාහේ යට

ඇති කිසිවක්

නොවෙයි මා සතු

ඒත් හිතෙන්න ම  හැම විටෙක

ඒකේ නොපිටම යි.

නුබ ගැබ සිසාරා විහිදී

පැතිරැති වලා කැටි

බැහැ අල්ලන්න ඒවා මගේ

වුණත්

සැඳෑ අහස

සැන්දෑ අහස

සැන්දෑ අහස ලෙස

සැරසී එන්න යැයි

ඔබ පණිවිඩ එවයි

 

තරු කැට දෙකක්

බිමට හෙලමින්

පැළඳගන්නවා දැයි

අහස විමසයි

 

ගෙනත් දෙනවා යැයි

කියු සළුව වියනට

සන්නාලියන් හිඟ බව

වලාකුළ පවසයි

 

තීරුව බැගින් ඉරලා

දේදුන්න ඇඳගත්තෙ

ඒක හින්දයි

 

 

ෂර්මිලා බංදුනී දංවත්ත

 

🌸🌸🌸🌸🌸🌸  🌸🌸🌸🌸🌸🌸

 

සොබාදම

දිනරද නැගෙන විට අළුකර         දෙන               සිරිය

දනවන සතුට ගෙන එන වඩවන                        පිරිය

තැන තැන  කුරවි කැල අතු අග    නද              කෙරිය

මොන  තරමකට වෙද  පවතින     වන               සිරිය

      

සිසිලස  බෙදන  මද  පවනට   සැලෙන                 අතු

නිසි ලෙස තිබෙන සිත ගත හද  කරන                 නතු

විසිතුරු කෙරෙන සුදු කහ මල්  පිපුණු                  රතු

අසිමිත බවින සරසයි හැමවිටම                         නෙතු

 

නිල් දිය පිරුණු රළ පෙරෙලෙන  සයුරු             තෙර

ඇල්මකි මවන හැම මොහොතෙම සපත              කර

දුල්ලබ  දසුන් ඇස  සරසන  අතර                        තුර

ලොල්වෙමි බල බලා නොපෙනෙන  තරම්             දුර

 

සැග වෙන අවරගිර  හිරු සිතිජයෙත්                     රත

දඟලන  ඉහළ   පහළට  එය  නිමක්                   නැත

අගයන නමුදු  යොදවාගෙන  සිතත්                     ගත

හඟවයි නොකළ හැකි බව  මෙහි                සුරක් සිත

 

සුදු වැලි තලාවෙහි ලස්සන   වෙරළ                     බඩ

අඳුරට  මුවා වන තුරු  හිඳ  දකින                        හැඩ

ඉඳුරන් පිනවමින් නිසලව  නොකර                     කඩ

පුදුමය දනවමින් පසුවෙමි  සිතැඟි                        උඩ

 

දස දෙස  දිසෙන  උසමිටි   කඳු   වළලු           පෙලින්

වස මින්  තිබෙන  මහ ගස්  අතුරිකිලි                වලින්

යස අරමුණක් ඉටු කර  ගිරි                  සිකර    තුළින්

බැස එයි ජලය උල්පත් පොඩි              සිදුරු     වලින්

 

ඇල දොළ ගලා  එන  ගංඟා    වලට                    ඇදී

රැළ පෙළ ගැසෙයි බොල්  පෙණ පිඬු බුබුළු           රැඳී

එළඹෙන  ඉදිරි මග  සකසා  සතුට                        දිදී

කෙලවර නුදුටු  මහ සයුරෙහි පහස                       යදී

 

පොබ යන මහඟු බවකින් යුතු                       දිනූ බිම

සුබ පණිවිඩ ගෙනෙන නිරතුරු                   බැඳී පෙම

හොබවනු පිණිස  නව ජීවය     කවා                  මෙම

ලැබ දෙයි  අරුත පල  නොඅඩුව                සොබා දම

- මධුෂිකා අත්තනායක -