උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

කවිකාර මඩුව

ඇය

පත්තිනි සළඹ වියන්නී

ගෙත්තම් පානෙ ගොතන්නී

මහගිරි දඹය

දකින්නී

ඉර සේවයට

වඩින්නී

 

                                                                                                                          සමනල පැටව්

රකින්නී

කටු අග මල්

පුබුදන්නී

සෙනෙහේ වියන්

බදින්නී

 සුපසන් ලොවක්

මවන්නී

 

වෙසතුරු කුලේ

උපන්නී

පලවැල නෙලා

ගෙනෙන්නී

 ගේ දොර පහන්

කරන්නී

 හඩනා දෑස්

නිවන්නී

 

ගස වට සෙමින්

වෙලෙන්නී

මල්පල ලොවට

බෙදන්නී

 සුබ සෙත පතා

යදින්නී  

හීලෙන් කුස

රවටන්නී

 

අබමිට හෙටත්

සොයන්නී

නිබ්බුත  සිහින

දකින්නී

බෝසත් පුතුන්

වදන්නී

නිවනට පාර

කපන්නී

ශාස්ත්‍රපති පුජ්‍ය මහගම සීලානන්ද හිමි

 

 

 

 

 

 

🌸🌸🌸🌸🌸🌸🌸

ඔබටම...

සියුම් සතකින් සෙමින් කොණහා

පියුම් රොදකින් ගත් රොනක්

සේ

විදුම් නෙතකින් උගත් දේ ගෙන කිරා

මිනිස් ලොවට යමක් දෙන ඔබ වාසනා

 

උපන් බිමට අපි වැඩි වුණා නොවේ

උපන් දනන් අපි හැඳිනුවා නොවේ

උපන් දනට හැමදා එය වුණා ලොවේ

නූපන් ලොවට හැකි දේ දෙමු එයයි සුවේ

 චම්මින්ද වෙලගෙදර

දන්නා දේ කියා දුන් ලොව සිටි  බෝ සත්තු

ගන්නා අයෙක් නැති මුත් මහ දැනමුත්තු

පන්නා ඉවත දැහමින් ඒ මනු සත්තු

ඉන්නා අප පෙන්වමු දෑ අප විඳ ගත්තු

 ඒ මග යද්දී මට ඔබ හමු වුණාතිනි සළඹ වියන්නී

 

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

 බැල්ම

නෙතු කැලුම් සර

කොනින් පාමින්

බලා සිටිනා සඳ

 දිගැසියේ නුඹ

ඈත් කෙරෙනවා

නෙවෙද

පියනඟන ගමන් මඟ

 

 

 

 

 

 

ලියැදි යාය යටවුණදා

මල් ගොමුවේ සුවැදැති මුදු කුසුම වගේ...

දිදුලන් පුතේ ලක් රැජිණගේ දුවෙක් වගේ...

දිය සුළි කපා අඹරා ඉදිරියට යන...

නැවකට සමානයි අපගේ දිවි ගමන...

 

වටපිට තිබෙන දේවල් ඇතුලට නොගෙන...

යනු මැන ඉදිරියට අරමුණු හබා ගෙන...

 

ජාති ජම්ම කිසිම දෙයක් නැහැ දන්නේ...

සසර සරන තුරු මේ ලෙස හමුවෙන්නේ...

සිතේ සතුට මිස වෙන මොනවද ඕනේ...

    ඇන්ජලා පැල්පොළ

පාති සිනා මල් පුබුදා දිවි ගමනේ...

  

🌸🌸🌸🌸🌸🌸🌸 ලියැදි යාය යටවුණදා 

කැකුළංවිල කන්ද උඩින් 

කුරුලු කොබෙයියන් ඇවිදින්.

අප්පුහාමි හැල මඩකර 

වැපුරුව වී ඇහිඳිනවා.

ගහ මුදුනේ දම් පාටට

බට දොඹ ගෙඩි පැනි පිරුණට

අහක යන්නෙ නෑ වාගෙයි

බටගොයින්ගෙ කිචිබිචියට

සිරිපොද මහ වැසි බිඳුවී 

කෙතේ නිල්ල යටකර ගෙන

නියර උඩින් උතුරනවා 

නවතින්නට වාරු නැතිව

 

බක බක බොක  - ජෙක ජෙක ජෙක 

හැලගෙඩි තබ්ලා ගහනවා.

කොප්පරකට පුවක් පුවක් 

ගේදොර යට වුණ හින්දා

දරුමල්ලන් මැදිකර ගෙන 

අලුත් නවාතැනක් බලා 

කොරවක්කන් පීනනවා

රුක්අත්තන ගොඩ කන්දයි 

කැකුළංවිල මහ කන්දයි

අතර මැද්දෙ ලියදි යාය 

යටවුණ දා ගංවතුරින්

අප්පුහාමි හෙළන සුසුම් 

සැඩ සුළඟට එක්වී යයි

හැල පෙරළුව සවි සත්තිය 

ගංවතුරට සේදුනාට

එදා මහේ වී මල්ලට 

මැන්න කුරණි ගැන කියමින්.

වී මලු කර පිටින් ගෙනත් -

ගෙයි සාලේ ගොඩ කළ හැටි

මහ ඇත් රජිඳකු වාගේ

අප්පුහාමි සංතෝසෙන්

කියලා හිත සනහනවා

      රත්නා කහගමගේ

 

 

 

 

 

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

වස්තුව.....

මේ අහල ගම් හතකටම

අපි මහා පෝසත්තු ඉස්සර

වතුපිටි ඉඩකඩම් යානවාහන

මිළ මුදල්

රැස්කළ .

 

ක්ලිනික් පොත - දිවයට තියන පෙති

නොකියා ෆෝන් එක

දරු දුරකතන නොම්මර

විතරමයි

දැන් ඉතිං වස්තුව.....

       කුමුදුනී මෙන්ඩිස්