විසල් රුක පොඩි මලට කී කව
නිල් වළාකුළු පිරුණු අහසේ
තෙදැති මහ බල රදා පියසේ
මල් ලදළු මත පිපුනු සිරසේ
සෙනෙහසක් පිබිදුනා රහසේ
දෙපා මුල සෙනෙහසින් ඉපිලී
පපා හසරැල් මවන කොමළී
සපා හද,මල් ඉහින පියලී
එපා මහදින් යන්න ඉගිළී
පුංචි මල් පෙති මුවින් අමුණා
රංචු සමනල් නෙතට එබුණා
විසල් රුක වුව නුඹව රකිනා
මටත් රහසක් නුඹෙන් පෙනුණා
මහා රුක මම අහස සිඹිනා
පුංචි මල නුඹ සුළඟෙ ලෙලෙනා
සමනල්ලු නුඹ වටේ සරණා
රකිනු බැහැ මට මටම දැනුණා
යෝධ සවිබල තිබුනු පපුවේ
මාව යටකර සුළඟ හැමුවේ
රහස් සමනල බැල්ම හමුවේ
නුඹත් ඇයි මට අහක බැලුවේ
මහ සුළං රැලි හමපු රෑ මැද
මුකුලිතව මා දෙපා ළඟ අද
හඬන සියුමැලි නුඹෙ කඳුළු පොද
තෙදැති මගෙ සිත පාරවයි තද
පෙති ලිහී ඉහිරුනු කලට නුඹ
බැහැ මලක් වනු යළිත් හද ගැබ
අහිමි පෙම ගෙන දිවියෙ ගිරි දඹ
නගිනු බැහැ මට, මියෙමි නුඹ සිඹ

🌞🌞🌞🌞🌞🌞🌞
නොහඩා ඉන්න බැරි..
කදුඑ ගල් කර..
කඑ ලැල්ලක අගුරු අතරින්..
ඉකිගසන දුමාරය..
නුඹ..
නොදකින සද..
මාත් ඵක් වතාවක් දකින දින..
හද සොරාගත් ..
නුඹ..
මා ලියු කවි බණ..
ඇහෙන දුර..
නෙතු පියන් සද..
බලා ඉන්නට අවසරයි..
මට..

පෙරදා මතක
ලේනෙක් හඩන විට කොස් ගහ මුදුනෙ සිට
දතුයෙමි රකින බව සතුරකු ළඟක සිට
'බුක්' හඩ නඟයි ඇටි කුකළකු පාළුව ට
සිහියට නැඟේ පෙර දවසක සිහින මට
ගිනිවැදි ඉපනැල්ලෙ දුම්රොටු උඩට අදී
අමිහිරි විලාපය කොඳුරයි දැහැන බිඳී
දුහුවිලි මකුළු දැල් අහුමුළුවල ම නිදී
පීදුණු කෙසෙල් මල විස්සෝපයෙන් ඉඳී
දාවල විඩා වී දවසක දිග පෙන්නා
සිය කෙඳි හකුළුවා හිරු කන්දෙන් පැන්නා
බස්සකු නඟන හඩ හදවත තැව් දෙන්නා
මගෙ මතකයේ පෙර දා සිහියට එන්නා
විකුණා කැලෑ දර මිටි බැඳලා එකට
අතපත් මුදල ගෙනදුන් හැටි මගෙ අතට
අදටත් මතක් වෙනවිට ගිනි පපුව යට
වගවැදි කොටින් වල වැදුණාදෝ කුමට
අතිරස කැවුම් සුවඳින් ගම පිරුණාට
කොවුලා මිහිරි ගී පද හඩ නැගුවාට
දරුවන් නොමැති ගෙය අද හුදකලා මට
අවුරුදු මොකට එනවා දැ යි හිතෙයි මට

🌞🌞🌞🌞🌞🌞🌞
දොස්තර තාත්තා
ලියන්නට පුළුවන් නෙ
පොතක් දුටත් යසට
මගේ ගැන දැන ගන්න
මෙ ලොව වැසි දනට සැම
දිනෙක විහිළුවට වගෙ
කීවෙමි ය මම දුවට
දෙ දිනකට පසු දුටිමි
සටහනක් ඇය ලියූ
පරණ කොළ නෑල්ලක
මේසෙ උඩ අමතක ව
අයි. වී. දේවසිරි
ඔහුගෙ පුදුම නම විය
---------------------
---------------------
අයි. වී. දේවසිරි
කෙසේ නම්
විස්තර කරන්න ද ඔබ

🌞🌞🌞🌞🌞🌞🌞
හිමේ උරුමකරුවෝ
ඈත සොඳුරු හිමේ කුරුලු කෙවිලියන් ද මහා සද්දන්තයන් එක්ක රුපු වග වලසුන් ද ගැට ගසා ගන්නට උනුන් රිසි පරිද්දෙන් පණ කෙන්ද
කුසට අහරක් සොයන විට පොඩි එකා පසුවෙතත්
බියෙන් මර