උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

කවිකාර මඩුව

පියාඹන්න කිමැ මේ

කතාවකට ඇරයුම්  කළ                     තිගැස්සී

 මාල අහිමි මල් වර වූ                         ළමිස්සී

පියාඹන්න කිම මේ හැටි                      හදිස්සී

 කැදැල්ලෙ දොර  වැහුණාදෝ             දිගැස්සී

 

 බෝල කූරු  වරළස නැති                   සඳේයා

ආල නුරා මධු මල් වැසි                   පොදේයා

කෝල බසින්  පිළිරැව් දෙන                නදේයා

 දෑළ දෙබැම  ඉදුදුණු සේ                  නැවේයා

 

පැසුණු  කරල් වැනි දෙගුරුන්             සොයාවි

ඇසුණු   බසට පියඹා ගොස්                  හඹාවී

පිසුණු  දෙයක් අම රස කොට               කවාවි

වැටුණු නුඹේ රිදෙනා තැන්                   තවාවි 

                                                           

පාට  සේල රන් අබරණ           කොහෙන්දෝ

රෝස කැලෙන් හඬනා විට             ඇහින්දෝ

 කුවෙර  පෑළදොර  හැරගෙන         ගිහින්දෝ

 රෑණ  ගුවනෙ  බිම් මහලෙ ද           දිළින්දෝ

   මහගම සීලානන්ද හිමි

 

 

 

 

💚💚💚💚💚💚💚💚💚💚💚💚

මෙහෙවර

වධකාගාරයක් ලෙස හංවඩු                   තියලා

පාසල් බිමේ වද හිංසා ගැන                   කියලා

බලයෙන් උමතු වී කට මැත ඔහේ        දොඩලා

කොදු නාරටිය කැඩුවේ කාගෙද           ඔහෙලා

 

ඇප කැප වෙලා දරුවන් යහමගට           ගෙන

සෙනෙහස පුදා සිප් සතරත් කිය              දෙන

මව් පියවරුන් වාගෙම බැති උපදා           ගෙන

ගුරුවරු කරන මෙහෙවර ගැන සොයනු    මැන

   - ඇන්ජලා පැල්පොළ -