ඉරා සළු පට!
තරු කඩා වැටුණු
රාත්රිය මනරම්..
සඑ පට ඉරා..
නෙරිය දඟමල්ලක..
හැඩය දිස්වන..
ලන්තැරුම..
නුඹ නිහඬයි..
රාත්රිය මනරමි..
පෙති කඩා විසිරුණු
බඹර තුඩ..
ගිණි සිළුව..
රගන රැඟුමි..
සීතල ගතට..
නොලද උණුසුම්..
හාදුව..
බඳ වටා කැරකෙන..
රාත්රිය මනරමි..
දැඟිලි පටලා..
සයනයේ උඩුබැලිව..
නිදන නිරුවත..
සිඹින නුඹ..
රාත්රිය මනරමි..
මම ද..
සඑපිළි උනා..
සිහිනයේ දැවටෙන..
මතකයේ මියැසිය..
නුඔට මනරමි..

කුරවි සර

අඳුරු සේල අතුරා අහසට නපුරූ
සතුරු සුළඟ හැමුවා එතෙරින් සයුරූ
මිතුරු කුරවිසර නැගුණට දුක ඉතිරූ
වියරු කඳුළු අතුරයි සිත ගිණි පුපුරූ..
සසර සරා එක මඟ විත් එකට හිටී
සයුර ගුවන සරසා මඳ පවනෙ වැටී
කුමර කුරුලු වනපෙත් මැද සරන ගැටී
මිතුර, නුඹට පෙනුණිද මගෙ කඳුළු කැටී..
එරන් පෙම් ලොවක සුවඳට මුලාවෙලා
සෙමින් මගෙ පෙමට සමුදෙන අයුරු බලා
දුකින් මම ඉඳිමි තනිමඟ කදුළු සලා
මුවන් දුවන හැටි දැක මම හෙළුවෙ පලා…
සිඳුණු තටු සවි නොමැත යළි පියඹා යන්න
බිඳුණු හදට වෙර නෑ මල් පුබුදන්න
කැඩුණු තුඩු මුවින් බෑ ගී මුමුනන්න
කැපුණු ගස් කඳක හිඳ හැකි වැලපෙන්න…
සිහින් සර නඟන සුන්දර නැවුම් ලොව
විමන් මැද නුඹට ගෙනදෙයි සොඳුරු සුව
සෙමින් හඬන කිරිලිය මම,සොවින් වුව
සවන් මතින් ගීයක් ලෙස අසයි ලොව…..

- සංජීවනී පද්මසේන -
ආදරණීය නෙළු

ඈත එපිට කඳු මුදුනට ගියාදෝ...
සීත හිමේ මායාවී ඔයාදෝ...
යාය පුරා විසිරුණු කෝමලීදෝ...
දසත පිපී හිනැහෙන ඔබ නෙළුදෝ...
දැක ගන්නට ඔබේ රූසිරි පෙරුම් පුරා...
වසර ගණන් කල් ගෙව්වා හැගුම් දරා...
සීත හිමේ ගිරි මුදුනේ පිපුණු සරා...
"නෙළු" නෙලා නොගෙන විදිමු රුසිරු නුරා...
- ඇන්ජලා පැල්පොළ -
❤️❤️❤️❤️❤️
නොතිත් ආසාවෙන් පා නුරා බැලුම්
කරමින් ඉඟි බිඟි
පුළුලුකුල ඇත්තී
මීනාධ්චජ දරන්නී
කොමලැස් පාන්නී
දිගු වරලස සපන්නී
දසන් පාමින් සිනා සෙන්නී
දිටිම් මම් නුඹ
දනිම් මම් නුඹ
දනිම් මං බෝ සොඳින්
කාගෙ කවුරුද්නැ යි කියා
අද නෙවෙයි හෙට
හෙට එනව නං යන්න මං කැටිව
සියලු ආසා පොදි බැඳන් තොඳොල් වදනින්
මුමුණනා විට හැඳින්නෙමි මං
ඉරා තිමිරපට
