උණුසුම් පුවත්කව් මිණි වැල්විශේෂාංගසාහිත්‍යය හා කලාව

කවිකාර මඩුව

සූරිය තරුව

   ඇන්ජලා පැල්පොළ

සූරිය තරුව වී පායා හද දෙවොලේ...

මානය බිද දමා සැමගේ මිහි මඬලේ...

රාවය හඬවලා ලොව්තුරු මෙත් සිසිලේ...

සාමය යදිමු කරුණාබර නෙත් සඟලේ...

ලක්දෙරණේ අසිරිය විඳිමින් දකුණේ...

සිත් සතොසින් සිරි නරඹා පා ගමනේ...

සුව පහසුව විඳ ගන්නට උණවටුනේ...

නතර වුණා ලස්සන අරලිය සෙවණේ...

 

සරසා ගන්න දිවි මංපෙත දිරි වඩලා...

මිනිසා දුවනවා සැනසුමේ ඉම පතලා...

වනසා නොගෙන අභිමානය වැද වැටිල...

ඉවසා දරා ගෙන යමු ජයටැඹ සොයලා...

 

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

කලේබරයක් කියන කතාව

පරණ පාන්කඩ මැද්දේ

තහඩුව මත ගුළි වුණාට

මල් හලේ පෝලිම අස්සෙන්

ඉස්සරහට පැන ගියාට

පෙර තිබු ගරුගාම්භීර බව

හිත ළඟ කැරකුණාට

පුතේ උඹට දුකක් නැද්ද

මට මේ සළකන විදියට

අහංකාර බොරු තේජස්

දුන්නට ඉස්සර දවසක

මරුව ඇවිත් රහස් කියා

ඔක්කොම කෙරුවා අමතක

ඒ වුණාට නිල ඇඳුමේ

තරුපටි ගව්රවේ රැක

අරං ආවා ගේ මැද්දට

හැමදෙනාට ගන්නට දැක

අනේ අපොයි වෙච්ච දෙයක්

මරුවා එනවා දැක දැක

කුඩුම්භය ම අයින් වුණා

ඒකයි මට ඇති වුණ දුක

මේ ගමනත් යන්න වෙනව

කවදා හරි එක දවසක

කවුරුත් හරියට ඉන්නේ වෙන

බව නොදැනයි මෙ දුක

පාරමිතා විසිවෙන විට

දැවටුණ මන්දාර ම  ළඟ

කඳුළුත් ගිනි ගත්ත වගෙයි

අතීතයේ ඇති වග තුග

බෙහෙත් පොදක් ගුණ කෑමක්

දෙන්නට නං බැරි වුණ වග

අහළ පහල අය දන්නව

සැළකුම් ඉහළින් තිබු රඟ

පන්සලේ ඝණ්ඨා නාදය

පහන් දොරින් ගෙට ආවට

හිත ඇදිලා යනව වගේ

අරලිය ගහෙ මල් සුවඳට

ළෙන්ගතු සඳ දිය අතහැර

ඈත අහසෙ තනි වෙන්නට

මං යනවා හේමලයෝ

උඹ එනවද මගෙ තනියට

 -රත්නා කහඳගමගේ -

89… ඛෙදවාචකය…

89… ඛෙදවාචකය

පෙර නිමිති නොදැන..

නපුරු හිනෙක සෙවනැළි..

පිණි කදුඑ රුරා..

වැසි ගිලන් හදට..

ටයර් සිඹ බැබලෙන..

ගිණි පුපුරු අතුරා..

සැදැ සමයේ..

මිලේඡ..

ගිජු ලිහිණියන්..

පෙරුමි පුරා..

ලහි ලහියේ..

උණුසුමි හාදු වෙනුවට..

පොලිමි අතර ගැටි..

ඵකිනෙකා ඇන කොටා ගත්..

පෙමි කුසුම..

සුවද පිචිච මල්.. වටිටිය..

අතින් අතට..

මාරුවෙන් මාරුවට..

වාරු නැති කය..

කෙලි මඩලක අසිරිය..

රැරා ගිය කඳුඑ ..

බද්ද වුනු මල් ගවුමේ..

රත් පැහැය..

සිතල මල කදක්..

මෙන් අසිහියෙන්..

උඩු බැලි අතට..

නිරුතක තනිවුණ..

රුමතිය..

අදටත් ලොව නිහඩයි..

                                                                                                                 ශ්‍යාමලී ගමගේ

 

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  අමිමා..

දැවෙන රස්නෙට..

රිදුනු දෙපා පොඩි..

කිකරු නැ සිවුරත්..

සුළඟෙ තාලෙට..

හිරු අවරෙට ගිය..

දුර හිද කවි බණ..

රිදෙනවා දෙසවන්..

අමිමේ  තනිකම..

බඩගිණි දැනුණත්..

රැයටම ගුළිවන..

උණුසුම නැතිවම..

කොටිටය තෙත් වුණ..

අහනවා අමිමේ..

නුඹ ගැන මතකය..

ඵපාද අම්මේ..

පෙරමග ඵන්නට

අලුත් වෙමු ද

 

 

 

අලුත් වෙමුද මුළු හදින් ම 

කිසිවෙක් සිහින දකිද්දී අරුමැසි

තුන්සිය හැටපස් දවසෙම

කැරකෙමින් අතීතයෙ නටබුන්

තම කිලිටිරෙදි  ඉවත් කළා..

ලෝකය නම් බ්‍රදර්

හෙවත් පෘථිවිය

ගැලීලියෝ කිව්ව විදිහට හෙමිහිට

පොඩි පොඩි පොඩි ම ඉස්කෝලවල

අඳුරු අවතැන්පොළවල්වල

තාම කඳුළු බොනකොට අපේම උන්

ජීවිත  කන්ද නඟින හැටි හිතමින්

 කුඩා මිනිසුන් ඇඟිලි ගණිනකොට

ඇපල් බිස්කට් කන්නෙ

කොහොමද මචං අපි...?

ගෙයක් දොරක් අහිමි

පොඩ්ඩන්ටත් අලුත් පැතුමක් නැතිකොට..!

මාරාන්තික නායට

නගරාන්තර ගංවතුරට

ප්‍රේමාන්විත හීන බොඳවී තෙත්ව යනකොට

ගල් ගොඩක් වඩාගත් කඳු පාරවල්

මීමුරෙත් උඩුදුම්බරත් යහන්ගලත් හඟරන්කෙතත්

 තව තව කුඩා කුඩා මුදුන්ගම්වලත් ඇතිකොට

එතනෝල්වලට කෘතීම කලර් රසකාරක දාපු මධුවිතකට

ඉඩක් දෙන්නෙ කොහොමද අපි

උගුර කට සමග බයිටකට..........?

බේත් පෙතිටික ගන්නාහැටි

ජලවිදුලි බිල් ගෙවනාහැටි

කාර්බාර් ත්‍රීවීල් ලොරි ටැක්ටර් අත්පත්කරගන්නා හීන

කුඩා මොළේට දරාගන්න ම බැරිවෙනකොට

කඳුළු එල්ලෙනව

 පපුකුහරවල - ඇස් ගෙඩිවල

මීටා'මතරව සමහරුන්ගෙ

රට වැටියෝ නම් වූ තකතීරු පටු අදහස්වලින්

කකුලෙන් අදින න්‍යාය ඇස්පනාපිට දකිනකොට

ඒ විචිකිච්ඡා

පෙතංගොඩ උණකටුවක්ව දෙපතුලේ ඇණෙනකොට........

මැරිගො රවුමක

රතිඤ්ඤයකට..... සැණකෙළියට

හුරුපුරුදු සීනි තේකොළ

කිටිපිටි එළවලු හාල්තුනපහ ටික

උඩින් උඩින් වර පෙත්තප්පු කියනකොට.......

මට මතක්වෙන්නෙ

කුඩා කාලෙ අපි සතුටින් ඉපිලුණු

ළදරු පාසල්වල තාලෙට ගයපු කවියක්

පුංචි බණ්ඩෝ -පුංචි බණ්ඩෝ

නිදිමතදෝ -.නිදිමතදෝ

ඇවිදින් බලපං බණ්ඩෝ

ආයුබෝවන් කියපං බණ්ඩෝ

නව වසරක් -නව වසරක්

ඩිං ඩොං බෙල්

ඩිං

ඩොං

බෙල්

ඩිං...........

කීර්ති ඒස්. කුමාර