දුටිම් සකි සඳ ඔබ
සීසර් අම්මා️

ලියා ගන්නට පෑන් තුඩෙනුත්
පුතා මගෙමයි කියා
ගියා නොවෙයි පත්තිණියේ
සමාවෙන් මට එදා
පතා රුවන්වැලියේ පාමුල
පිදූ මල් දෝතටත් වඩා
පුතා මගේ සුවඳයි ඒ මතකයයි
සංසාරෙනුත් එහා
ඇස් පියන්න බෑ රන් කද
ඔයා ඉද්දි තිරෙන් එහා
ඉස් මස් ලේ නැති උනත්
සතුටයි මොනවත් තව එපා
මැව් කිරි සිනහ ගාවට ඇව්දින්
ඔයා ඇඩුවම ඈතටත් නොයා
සත්තමයි ලැබූවා බුදු බව
බුදු ගේ ලඟටවත් නොයා
තව ඉරුනත් රතු පාටින්
ඇගේ හැඩම තැන් මකා
බව සසර පුරා දිය කල
කිරෙන් සාරයි මගෙ පුතා
නෙත පිනවන සොදුරු දසුන
දුටුවායින් පසුත් එදා
මට සන්තක හිස්තැන් නෑ
හැරී පලයන් පත්තිනියේ වී කමා
ඉෂංකා මිහිරි කුමාරතුංග
-------------- -------------- -------------- -------------
දුටිම් සකි සඳ ඔබ!
සිනා සෙන ඔබ හද
නද දකිමි මම
ඇසෙන ඔබ හදින්
නැටවෙන ඔබ දෑසින්
හඳුනා ගතිමි මම
කැටුව යා යුතු සබඳකි ඔබ
එක්ව යමු පෙරට
අපි අපේ යුතුකම කරන්නට
එන්න
මගේ පිය මිතුරේ!
සොඳුරුමය චින්තාවලියක
චරිතයකි ඔබ, මා කියවන
බොඳ නොවී එහි අකුරු
හැමදාම රඟනු ඇත
හදේ ස්පන්දනය ඇසි ඇසී,
ඉන්න
මගේ පිය මිතුරේ!!
චම්මින්ද වෙලගෙදර .
-------------- -------------- -------------- -------------
නුරා සීතල...
සඳේ උවනත පුරා පීදුන
මගේ කොපුලත දකින්න
නුරා සීතල ළයේ ගැස්මක
රැඳෙන හැටි මට කියන්න
සරා ඇස් අග පිරූ ප්‍රේමය
හදේ ගැඹුරෙ ම තියන්න
සදාකල් හි ම නුඹේ තුරුළත
සොරා ගමි මම - නිවෙන්න
හදේ කොතැනක සොයා බැලුවද
නුඹේ සලකුණු පිපෙන්න
හේතු කුමටද කාලයක් හිත
නිධන් වූ බව දැනෙන්න
හැඟුම් උතුරා ගලන්න …
අහම්බෙන් වට සහස් පිණි පොද
උණුහුමින් මා තෙමන්න
හුස්ම නිවෙනා දා ක නුදුරින්
මතක රොනවුළු ඉසින්න
සෙත් කවක් වී ගැයෙන්න




