හුදෙකලා සිහිනය
කඳුළු නිරුවත
සිනා සළුවෙන්
වසා හද ගැබ
මුවා කරගමි...
දිනිඳු නැග එන
දිනක් වේදැයි
නොදැන තව නෙතු
දල්වමින් ඉමි....
ඉපදෙමින් යළි
යළිත් මිය යමි
මිය යමින් යළි
යළිත් උපදිමි......
ඔබේ වදනක
අරුත සොය සොය
මගෙම හිත ගිනි
තබා වැලපෙමි....
සවන් මත රැඳී
සුමුදු වදනක
නිරාමිස සුව-යෙන්
පිපීඑමි....
වෙහෙස විඳ විඳ
නැවත නැවතත්
මිරිඟු දිය සොය
සොයා දිව යමි......
අතින් අත
නොබැදුනත් කිසි දින
ඔබෙන් තොර
ලෝකයක් නොපතමි....
සිතින් බැඳි පෙම
ලොවින් සඟවා
සිහිනයක මම
හුදෙකලා වෙමි.....

ඔබ......
බිම් ගෙයකි ඔබ
ඇතුළු වූ පසුව අඳුරු වුණ
ඈතින් පෙනෙන එළියට ලොබ බැඳ
තරණය කරමි
ඒ නිමක් නැති බිම
- ෂර්මිලා බංදුනී දංවත්ත -
බලං මනුලොව
පුංචි දුවේ පුංචි පුතේ
හැදියන් හොඳට
මනුදම් එකතුකොට
අන්කවරෙකු
දෙස නොව
බලපන් එදෙස
සඳමෙන් බැබළියන් මේ
මනුලොව තුළ
බැබළි බැබළී හිටිමට
ලැබුණෙ කළුවර
ඔහු ගියහන්ද යි
එනමුත් නැත මා
එළිය ගන්නට තෝරා
ඇත ඇත අය
වැරදිමග නොයෙක්
ගෙනයන්නට වරදට ඇද
ඔහුගෙ නමින් මම රකින්නෙමි
ගැහැනුකම මගේ
