උණුසුම් පුවත්කව් මිණි වැල්

කවි මිණි වැල්

කලේබරය ඔබ අමතයි

පරණ පාන්කඩ මැද්දේ තහඩුව මත ගුළිවුණා                         ට

මල් හලේ පෝලිම අස්සෙන් ඉස්සරහට පැන ගියා                   ට

පෙර තිබු ගරු ගාම්භීර බව හිත ළඟ කැරකුණා                        ට

පුතේ උඹට දුකක් නැද්ද මට මේ සලකන විදිය                       ට

අහංකාර බොරු තේජස් දුන්නට ඉස්සර                          දවසක

මරුව ඇවිත් රහස් කියා ඔක්කොම කෙරුවා                  අමතක

ඒ වුනාට නිල ඇඳුමේ තරුපටිවල ගවුරවෙ                         රැක

අරං ආව ගේ මැද්දට හැම දෙනාට ගන්නට                       දැක

අනේ අපොයි වෙච්ච දෙයක් මරුවා එනවා දැක                 දැක

කුටුම්බය ම අයින් වුණා ඒකයි මට ඇතිවුණ                      දුක

මේ ගමනත් යන්න වෙනව කවදා හරි එක                    දවසක

කවුරුත් හරියට ඉන්නේ වෙන බව නොදැනයි මේ             දුක

 පාරමිතා විසිවෙන විට දැවටුණ මන්දාරම                        ළඟ

කඳුළුත් ගිනිගත්ත වගේ අතීතයේ ඇති                       වගතුග

බෙහෙත් පොදක් ගුණ කෑමක් දෙන්නට නම් බැරිවුණු       වග

අහල පහළ අය දන්නව සැලකුම ඉහළින් තිබු                 රඟ

පංසලෙ ඝණ්ඨර නාදය පහන් දොරින් ගෙට ආව               ට

හිත ඇදිලා යනව වගේ අරලිය ගහෙ මල්               සුවඳ   ට

ළෙන්ගතු සඳ දිය අත හැර ඈත අහසෙ තනි      වෙන්න    ට

මං යනවා හේමලයෝ උඹ එනවද මගෙ තනිය                 ට

 යකඩ කටෙන් බෙරහන් දෙයි ගමට බෙදන          කයිවාරූ

අතීතයේ චණ්ඩි කමට දැන්නං නෑ                      ගත වාරූ

සංවර සීලයම සිවුරෙ බෙදනව පච                    වට්ටෝ රු

යන එක නං හොඳයි තමයි මේ ලෝකෙන් වී             මාරූ

සසර නවාතැන දුබලව පාට හීන බොඳ                  වුණාට

නිවෙන දිලෙන විදුලි එළියෙ සුරවමියන් රඟ            පෑවට

සුවඳ පැනින් නාවද්දිත් නොසැලී ගේ මැද              හිටයට

කවුරුත් නෑ මං විතරයි ගිනි උදුනේ සැතපෙන         කොට

පණ ගිය මගෙ මළකඳ ළඟ මේ ලොව විස              නසාලන්න

දැල්වෙයි පොල්තෙල් පහනක් යන්නට මට ඉඩ      නොදෙන්න

මඩු පුටුවල දෙතුන් දෙනා නිදියනවා තනි                   රකින්න

මේ ඔක්කොම මළ විකාර පර ලොව අය                හිනස්සන්න

නැති ගුණ ගැන පුරසාරම ඉන්න අයට දුක                  පෙන්නා

ණය වී ගෙන වුණත් ඉතින් බත් මාළුව රස                    ගන්නා

වල්විදුනා පවන් සලකි දරුවන් හැකි කම                    පෙන්නා

ඉහළ පෙළේ පෙට්ටියකින් සැලකිලි ගැන  පැව           සෙන්නා

 මේව බලාගෙන හිටියොත් සිදුවෙනවා                 නවතින්නට

දුම්මල මල්ලක් මදිවෙයි  නැවතුණ දා                   එළවන්නට

වියැකී යන ජීවිතයෙන් සුරලොව සැප                   උපදන්නට

කාගෙත් කර පිටින් යනව සුසානයේ උමං                   ගෙයට

   - රත්නා කහඳගමගේ -

 

හිත දෝලනය වෙද්දී

සිතුදේ නොසිදු වෙයි

එය සිතුපැතු සේම

නොසිතුව දෙයක් වෙයි

ඒකයි ලෝ දහම

කර්මය අනුවමය

මේ ලොව පැවතීම

ලැබෙනා දෙයින් වි‍ඳ

ලැබ ව්ඳගමු සැනසීම

 පාළුව තනිකම සිතට

දැනෙන විට..

මතක පොතේ පිටු

එකිනෙක පෙරලා..

අතිතයේ මැවු සිහින

විමානෙට ..

සෙමින් සෙමින්

පාවී එන්නම්..

ගෙවී ගොස් හමාරය

අතීතය ..!!!

ඇත්තේ මතකයක් පමණි ..

නැවත කිසිදාක නොඑයි.

නොදනියි කෙසේ

වේදැයි මතු දවස

අනාගතය.....

ගෙවී යද්දී අද දොහේ ජීවිතය...

සැලසුමක් හැදිය හැකි නම්

අනාගතය වෙනුවෙන්

කෙසේ ගෙවෙන්නෙ ද අද දවසෙ

ඉතිරි කණිසම් කීපය

කොහොමදැ යි කියා ..!!!

 -  මධුෂිකා  -

පූර්ණ ගරුඬ රන්

දේහ විරාජිත

හසුන් මයුර දිලි

රසදෙව් ආකර

ගඟන ලලිත මනරංජන

දුල් නෙක

වඩිව් සුරඹ මිහිපිට

දෙව් මාලෙට... 

නේත්‍ර දාර කුංකුමෙනි

එළිය කර

උසෙනි පොළෝගත නොවෙන

වහන් ඇඳ

පූර්ණ නොවූ අඬ සිරුර

විඳාමින

වඩිව් සුරඹ මිහිපිට

දෙව් මාලෙට...

නිශා චරන පක්ෂින් පිට

ගෝචර

අංජන,කුංකුම දුම්

උතුරාගෙන

පහන් රැසින් එළි වන්නට

පළමුව

වඩියි සුරඹ මිහිපිට

                                                 දෙව් මාලෙට...

   පද-: චංක ශාක්‍ය හේවාමාන්න

මාල හතක් බැඳ...

අතීතයේ එක්

සොඳුරු සැදෑවක 

ඔබ මා අතගෙන

රොබරෝසියා සෙවනේ...

හේවිසි හඬ මැද

දෑගිලි පටලා

 මිමුණූ පෙම් ගී

රැව් පිළිරැව් දෙන්නේ...

මාල හතක් බැඳ

පෝරු මස්තකේ

පෑ පෙම් හසරැලි

මැවි මැවි  සිහිවන්නේ...

මියගිය මතකය

 යළි පිබිදෙන සඳ

 සතුටු කඳුළු මැද මැරී මැරී

උපදින්නේ...

 -  ඇන්ජලා පැල්පොළ  -