උණුසුම් පුවත්කාලීන

කළුතර මිනීමරුවකු බලන්ගොඩ දී අල්ලයි

නවීන් නමැති මහා පරිමාණ කුඩු ජාවාරම්කාරයකු ගේ ගජයෙක් ලු

සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කළුතර නවීන් යන අය සමග සම්බන්ධතා පවත්වමින් 2026.01.09 වන දින දෙහිවල "සීසාක් රෙස්ටුවරන්ට්" ආපනශාලාව  හිමිකරු වන බාලසූරිය ආරච්චිගේ සනත් යන අයට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරුවා බලන්ගොඩ, ඇල්ලපොළ ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ මිනීමරුවා යැයි කියනු ලබන්නා   2025.12.31 වන දින නාගොඩ රෝහලේ වාට්ටු අංක 14 හි කළුතර බන්ධනාගාරයේ සැක අංක 6991 දිලීප් චතුරංග යන අයට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීම,  හා 202.02.07 වන දින කළුතර නාගොඩ ප්‍රදේශයේදී කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න නැමැත්තා ඉලක්ක කර ගනිමින් සිදු වූ වෙඩි තැබීම යන අපරාධ සදහා වෙඩික්කරු වශයෙන් ද ක්‍රියාකරන ලද, නාගොඩ කළුතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක තරුණයෙකි. ඔහුට ආධාර අනුබල ලබා දුන් 22 හැවරිදි තැනැත්තියක් බලංගොඩ පොලිස් වසමේ ඇල්ලේපොල ප්‍රදේශයේ සැඟව සිටියදී  විවිශේෂ කාර්ය බළකායේ නිළධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

මේ අපරාධ කල්ලියට ප්‍රවාහන පහසුකම් ලබා දුන් පයාගල හා කළුතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක හා 23 ක සැකකරුවන් දෙදෙනකු  ද ඒ සදහා යොදාගත් ත්‍රීරෝද රථයද සමග කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්  සියලු සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කළුතර දිසා අපරාධ කොට්ඨාශය වෙත භාර දී ඇත.