උණුසුම් පුවත්සෞඛ්‍යය ක්‍රිෂ් ගොඩනැගිල්ලට සෞඛ්‍ය නිලධාරීන්ගෙන් රතු නිවේදන 2025-05-050 "War Against Dengue" වැඩසටහනට සමගාමි ක්‍රියාවක් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක "War Against Dengue" වැඩසටහනට සමගාමිව බස්නාහිර පළාත පුරා ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පිළිබඳව සෝදිසි කිරීමේදී කොළඹ කොටුව පරිශ්‍රයේ පිහිටා තිබෙන, මේ වන විට සමාජයේ ආන්දෝලනයට තුඩු දී තිබෙන ක්‍රිෂ් ගොඩනැගිල්ලේ තිබෙන අනාරක්ෂිත තත්වය පිළිබඳව අනාවරණය විය. "War Against Dengue" වැඩසටහන සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ පසුගිය දා පැවති පළමු සාකච්චාවට සහබාගී වූ ඉහල පොලිස් නිලධාරියෙකු ආණ්ඩුකාරවරයාට කියා සිටියේ මුළු කොළඹටම මදුරුවන් වගා කරන ස්ථානය මෙම ක්‍රිෂ් ගොඩනැගිල්ල බවයි. ඒ අනුව මෙම ක්‍රිෂ් ගොඩනැගිල්ල පුරා නිරන්තරයෙන් මදුරුවන් බෝ වීමේ දැඩි අවධානමක් තිබෙන බවට වාර්තා වූ පසු කොළඹ මහා නගර සභාවේ නිලධාරීන්, මැද කොළඹ සෞඛ්ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සහ කීට විද්‍යා ඒකකයේ නිලධාරීන් විසින් ගොඩනැගිල්ල නිරීක්ෂණය කිරීමට කටයුතු කළ අතර කීට නාශක යෙදීමත් ධුමායන කටයුතු සිදු කිරීමත් සිදු කරන ලදී. තවද මදුරුවන් බෝ වන ආකාරයෙන් පරිශ්‍රය පවත්වා ගෙන යාම නිසා රතු නිවදනයක් නිකුත් කිරීමටත් නිලධාරීන්ට සිදු වූ අතර අවසන් වශයෙන් මෙම ගොඩනැගිල්ලේ බාරකරුට නිලධාරින් විසින් කියා සිටියේ මදුරුවන් බෝ වන ස්ථාන සියල්ල නිවැරදි කොට සෞඛ්ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත දැනුම් දෙන ලෙසයි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article යුරෝපා සංගමයේ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් විපක්ෂ නායක එක්ක Next Article ගහලයන් දෙන්නකු අද(05) උදේන් ම තරුණයකුට වෙඩි තබා ඝාතනය කරලා