උණුසුම් පුවත්ක්‍රීඩා

ක්‍රීඩා සම්මේලන හතරක් අත්හිටවයි

මහාචාර්ය, රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතා නිසි බලධාරියා ලෙස පත් කෙරේ.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, ශ්‍රී ලංකා රග්බි සම්මේලනය, ශ්‍රී ලංකා මෝටර් රථ සම්මේලනය හා ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එකී අත්හිටවීම ඊයේ (29) සිට බලපැවැත්වෙන අයුරිනි.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය, රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතා නිසි බලධාරියා ලෙස ඇමතිවරයා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පත් කරනු ලබන්නේ ජාතික ක්‍රීඩා පාලන ආයතන සඳහා නිලවරණය පැවැත්වීමේ සීමිත අරමුණ සඳහා යි.

කිසිදු අතුරු කමිටු පත් නොකරන්නේ යැයි ” ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ‘X’ (කලින් Twitter) හි සටහනක් තබමින් සඳහන් කර ඇත. 

1973 අංක 25 දරන ක්‍රීඩා නීතියේ 32 සහ 33 වගන්තිය සහ එහි සංශෝධන මත තමන්ට පැවරී ඇති බලය අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ඉහත සඳහන් ක්‍රීඩා සම්මේලන ලියාපදිංචි කිරීම තාවකාලිකව අත්හිටුවන බව එම ගැසට් නිවේදනයෙන් කියැවේ.