මේක අවසානය නෙවෙයි, ආරම්භය විතරයි - ඉන්දීය නායිකාව උදම් අනමින් කියයි
2025 කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව දකුණු අප්‍රිකාව ලකුණු 52 කින් පරාජය කරමින් සිය මංගල කාන්තා ලෝක කුසලාන ශූරතාව දිනා ගත්තාය. ලකුණු 299 ක් හඹා ගිය දකුණු අප්‍රිකාව ඕවර 45.3 කදී ලකුණු 246 කට සීමාකරමින් කිරුළ දිනා ගන්නට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්කම් පෑවේ ඊයේ (02) සැඳෑවේ මුම්බායි හි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍ිකට් පිටියේ සුවහසක් නරඹන්න්ට මහත් වූ උත්තේජනයක් එක්කරමිනි.
එහිලා අගනා ම මෙහෙය කරන ලද දීප්ති ෂර්මා කඩුලු පහක් දවා ගනිමින් ප්‍රතිවාදී දකුණු අප්‍රිකානු කෙල්ලන් අන්දමන්ද කරමින් සිය දස්කම් පෑවේ 2025 කුසලානය සිය මව්බිමට ලබා දෙමිනි.
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩිකාවනට සිව්වන වරටත් අනුශූරගාවයේ පහස විඳිමින් සිටින්නට සිදු විය.

ඉන්දිිි හායා දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් දෙපිල Navi Mumbai හී DY Patil පිටියේ දී 2025 එක්දින ලෝක ශූරියන් වීමේ හටන ඇරඹීමට පෙර ඇද හැළුණු වර්ෂාවක් නිසා තරගයේ ආරම්භය ප්‍රමාද විය. ප්‍රමාදය පැය 2 කි. ඒත් තරගයේ පන්දුවාර ප්‍රමාණයේ කිසිදු වෙනසක් සිදු නොකරමින් පැවැත්වීමට සංවිධායකයන් බැසගත් තීරණය යි.
කාසියේ වාසිය දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ සතුකර ගත්හ. ඒත් ඔවුන් පළමුව පන්දු යැවීම තෝරා ගන්නා ලදි. ඔවුන්ගේ ආරාධනාව අනුව පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවෝ පිටියට පිවිසියහ.
“මේ ප්‍රේක්ෂක පිරිසට මම ගොඩක් කෘතඥ වෙනවා, ඔවුන් ඇත්තටම විශ්මයජනකයි. අපගේ සියලු උඩු යටිකුරු වලදී අප සමඟ සිටීම ගැන ඔබට ස්තූතියි. පසුගිය තරගයේදීත්, අපි අඛණ්ඩව තරඟ තුනක් පරාජයට පත් වුවද, ආත්ම විශ්වාසය එහි ඇති බව අපි කතා කළා. දේවල් ආපසු හැරවීමට අපට විශේෂ දෙයක් ඇති බව අපි දැන සිටියා. ඔවුන් ධනාත්මකව සිටියා, අපට කළ යුතු දේ අපි දැන සිටියා, සෑම කෙනෙකුම එතරම් සම්බන්ධ වී සිටියා, ඔවුන් දිවා රෑ එහි සිටියා, මේකණ්ඩායම එහි සිටීමට සුදුසුයි.(ෂෆාලි පන්දු යැවීමේදී) ලෝරා සහ සුනේ පන්දුවට පහර දෙන විට, ඔවුන් ඇත්තෙන්ම හොඳ පෙනුමක් තිබුණා. ෂෆාලි එහි සිටගෙන සිටිනු මම දුටුවෙමි, ඇය පිතිකරණය කළ ආකාරය, එය අපගේ දවස බව මම දැනං හිටියා. මගේ හදවතේ හැඟීම සමඟ යා යුතු යැයි මම නිතර ම හිතුවා." ඒ ඉන්දීය නායිකාවගේ හඩ යි. 
හර්මන්ප්‍රීත් මෙසේ ද සතුට පල කරමින් හඬ අවධි කළා ය.
"මගේ හදවත!! කිව්වොත්, මම ඇයට අඩුම තරමින් එක ඕවරයක්වත් දෙන්න ඕනේ. ඒක තමයි අපේ හැරවුම් ලක්ෂය වුණේ. ඇය කණ්ඩායමට ආවම, අපි ඇයට කතා කළා, අපට ඕවර් 2-3 ක් අවශ්‍ය විය හැකියි කියලා, ඇය කිව්වා ඔයා මට බෝලිං දුන්ණොත් මම ඕවර් දහයක් පන්දු යවන්නම් කියලා. ගෞරවය ඇයට හිමිවිය යුතු යි, ඇය හරිම ධනාත්මකයි, ඇය කණ්ඩායම වෙනුවෙන් හිටියා. (ඇය කණ්ඩායම වෙනුවෙන් සිටි ආකාරය ගැන) ඇයට ආචාර කරන්න. (ලකුණු අනුව) අද තණතීරුව සම්පූර්ණයෙන්ම වෙනස්. ඔබට සැමවිටම ටිකක් අමතර පීඩනයක් ඇති නිසා, මෙම මුළු එකතුව අවසන් තරඟයකට ප්‍රමාණවත් බව අපි දැන හිටියා. අපි දකුණු අප්‍රිකාවට ගෞරවය දෙන්න ඕනැ, ඔවුන් ලස්සනට පිතිකරණයේ යෙදුණා. අවසානයේ, ඔවුන් ටිකක් භීතියට පත් වුණා, අපි දිරිමත් වුණේ එතැනදි. නියම වෙලාවට, දීප්ති ඇවිත් ඒ කඩුලු ගත්තා.
"සෑම ලෝක කුසලානයකින් පසු, අපි හැම විටම ඒ සීමාව තරණය කිරීමට සාකච්ඡා කළා. පසුගිය වසර දෙක තුළ, අමෝල් සර් කණ්ඩායම සමඟ සිටිනවා නිතර ම. ඔහු සැමවිටම අපට පැවසුවේ විශේෂ දෙයක් ඉදිරිපත් කරන්න කියා. අපි සහායක කාර්ය මණ්ඩලයට සහ BCCI ට ගෞරවය දිය යුතුයි." අපි (අපේ සංචිතයට) ඕනෑවට වඩා වෙනස්කම් කළේ නැහැ, ඔවුන් ඇත්තටම අපි වෙනුවෙන් ආයෝජනය කළා, ඒ වගේම හැමෝම නිසා අපි මෙතන ඉන්නවා. මේක ආරම්භය. අපිට මේ බාධකය බිඳින්න ඕන වුණා. අපේ ඊළඟ සැලැස්ම මේක පුරුද්දක් කරගන්න එක. අපි ඒ වෙනුවෙන් බලාගෙන හිටියා. දැන් ඒ මොහොත ඇවිත්. ගොඩක් ලොකු අවස්ථා එනවා, අපි දියුණු වෙන්න ඕනේ. මේක අවසානය නෙවෙයි, ආරම්භය විතරයි.






