දිස්ත්‍රික්ක අටක සමහර ප්‍රදේශවලට මිලිමීටර් 100 කට වැඩි වැස්සක් ලැබිය හැක.
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන්නැ යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇතැ.
බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඹ,දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව අද දවල් 12. 00 ට නිකුත් කෙරුණු කාලගුණ වාර්තාවෙහි දැක්වේ
බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.
උතුරු-මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ. දිවයිනහරහාවිටින්විටහමනපැ.කි.මී. (30-40)කපමණතරමක තදසුළංඇතිවියහැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.