ශිල්ප සභාවෙන් දකුණේ පැවැත්වූ හස්ථ කර්මාන්ත තරගයෙන් අනු සූරිය ඇයයි
ලී කැටයම් ශිල්පයේ අති දක්ෂතාවලින් පොහොනා කාන්තාවක ගැන යි හෙළදිව මෙසේ සටහන. ඇය ප්‍රදේශයේ කවුරුන් අතරත් දන්නෙ හදුනන්නේ කැටයම් රාණි යන අදරබරැති නමින්. ඈ නමින් ඩී. එම්. ජී. එල්. උමයන්ති.
සාමාන්‍යයෙන් ලී කැටයම් ශිල්පයේ යෙදෙන්නේ පිරිමින් පමණක් බව සැබෑවයි. ඒත් ඒ වෘත්තියේ නියැළෙන රාණි ගැන කතා කරන්නට අප අදහස් කළේ ඇගේ ඇති අගය කෙරෙහි නෙත් සිත් යොමුවීමත් එක්ක.
අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බටපොළ ය අපේ කතා නායිකාව දිවි ගෙවමින් සිය කර්මාන්තයේ යෙදෙන්නේ. ඒ බටපොළ නැගෙනහිර ග්‍රාමසේවා වසමෙහි.ඇය කතකි. දිරිය කතකි.
මේ දිරිය ලලනාව ලී කැටයම් ශිල්පයේ නිපුණතා පෙන්වමින් සිය පණ කෙන්ද රැක ගන්නට දරණ වෙහෙස මහන්සිය කෙසේ නම් මිනිය හැකි ද? පිරිමි කැටයම් කරුව් හා කරට කර යෙමින් කැටයම් රාණීගේ දෑතින් නිමහම් වන නිර්මාණ දැක්කොත් ඔබ මොහොතකට කම්පනයට හසුවනවා සහතිකය.ඇය කැටයම් කලාවට පිවිසෙන්නේ ජාතික ශිල්ප සභාවෙන් ලද මඟින් දැව කැටයම් ශිල්පී පාඨමාලාව හැදෑරීමෙන් පස්සෙ. ඒ අදින් හවුරුදු විස්සකට පමණ පෙරාතුව පටන්. තරුණ සේවා සභාවේ දී ඈ බෝ උනන්දුවකින්, ආසාවකින්, එහි උපදේශකයින ගේ මඟ පෙන්වීම නිසි සේ ලබා ගන්නට තත්පර වුණා.
ඇගේ කැපවීම කෙරෙහි එහි උපදේශකයිනට, හා සෙසු නිලධාරිනට තිබුණේ කවදා හෝ මේ කලාව ඔස්සේ ඈ සිය අනාගත ගමන් මග සක්ෂ්‍යාත් කර ගන්නා බව. ඔවුන් හැමගේ විශ්වාසය ඈ ඉටු කළා. අද කෑටයම් රාණී යැ යි කී පමණින් මේ දක්ෂ නිර්මාණකාරිය ගැන නොදන්න කෙනකු නැති තරම්.හෙළදිව ඔස්සේ අප ඇගේ හඬ ඔබට මෙහෙම කියවන්නම් ඇගේ ම වචනවලින්."සමහරු හිතනවා කාන්තාවකට මේ රස්සාව ගැලපෙන්නේ නෑ කියලා .මට නම් කවදාවත් එහෙම හිතිලා නෑ. අනික් අය කොහොම හිතුවත් මට ප්‍රශ්නයකුත් නෑ. කොරෝනා වසංගතය රට ගිලගන්නා තෙක් ම කැටයම් කැපීමෙන් මං හොඳ ආදායමක් ලැද්දා. ඒත් කොරෝනා එක්කම අර්බුදයට පත් වෙච්චි ආර්ථික අර්බුදය නිසා ජනතාව කබලෙන් ලිපට වැටෙද්දි මං වැටුණේ පෝරණේකට. ගෙයක් දොරක් හදාගන්න මිනිසුන් සිත් හි පැවති හීන ඒවත් එක්ක පාවෙලා යනකොට නිවාස ඉදිකිරීම්අඩු වීමෙන් මටත් වැඩ නැති වුණා. හිඟ වුණා". "මට ඕනෑම කැටයමක් කපන්න පුළුවන්. දොරවල්, ජනෙල්, අල්මාරි, කබඩ්, ආදී ඕන එකක ලී කැටයම් කපන්න මට පුළුවන්.
ඔලබැද්ද සිරි සුනන්දාරාම පන්සලේ සංඝාවාස ගොඩනැඟිල්ලේ ප්‍රධාන දොරේ කැටයම් කැපුවෙත් මම.
ජාතික ශිල්ප සභාව සංවිධානය කල 2019 දකුණු පළාත් හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයේ මගේ නිර්මාණය ට දෙවෙනි තැන ලැබුණා .