උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

කිවි කිවිඳියන් ගේ පාරාදීසය

ප්‍රේමය…

සිහින මවමි තනි යහනේ..

ප්‍රේමය නුඹ මා හැර ගියාද?

පාඵ නිසොල්මන් යහනේ..

සදවති සිතල සිපගනිමින්..

තරු දෙනෙතින්.. මා දිහා බලා උන්නා..

මතක් වුණා අතිතය..

“මල් වත්ත පාර”..

නුඹ මා දැක්කේ සුදුම සුදු නෙඵමක් වාගේ..

තාමත් දැනෙනවා ඵ් සුවද..

ලෝබයි ඵ් ආදරේට..

දෙනුවන් කඳුළින් තෙත් වුණා..

සුසුමක් හෙළුවා හිස් අහසට..

සද කුමරි නිදිමතින්.. මිමුණුවා ගියක්..

“තරු අත් අකුරින් ලියා ඵවමි ඔබට පෙමි පත..

  ඔබේ‍ සෙවණ පමණි මිහිපිට ඇති ඵකම සමිපත..

හදවත නතර වුණා මොහොතක්.. ඉකිගසන්න

වාරු නැ හදවතට..

උහුලන්න බැරි තනිකමක්..

සිතලට ගුළිවෙචිච කාමරේක..

රැහැයි හඩට තුරුලුව.. මුමුණනවා

නු‌ඹේ පෙමි හසුන්..

ගහකොළ නිසෝල්මනේ නැවතුණා..

මොහොතක්..

මද රස්නයක් දැනුණා හිතට..

තාමත් තොන්තුවෙන් අකුරු අතර..

සොයනවා නුඹේ මුහුණ..

ගිලන් හදවත තාමත් ආසයි

ඵ් ආදරේට..

තනිකම සොයනවා සිහින තොටුපොළ ළඟ..

ආදරේ ද මට… කියන්න.. රහසින් කාටත් හොරා..

 

                                                                         - ශ්‍යාමලී ගමගේ  -

⋆⋆⋆   ⋆⋆⋆

 

සඳ කොමලිට හොර රහසේ තරු මල් වැව් දිය සිඹිනවා...
මද පවනේ හිරු කිරනින් දේ දුන්නක් හිනැහෙනවා...
කද බැඳගෙන නෑ පිරිවර දූ බලන්න පිටවෙනවා...
ඇද හොයනා රිදි නැන්දා සුදු රෙද්දේ කිලි බලනවා...

සුන්දර පාසල් දිවිය පුරාවට හව්හරණක් මවලා...
ගින්දර වාගේ සැර වැර දාලා දිව රෑ දෙකේ රැකලා...

අන්දර වැට ලඟ තව තනි රකිනවා මතු බුදු බව පතලා...
 නිවි නිවි දිලෙනා තරු කැට අතරේ ඔබේ රූපය ඇඳුණා...
රිවි රැස් මාලා ගුවන සිඹින විට ඔබේ උණුසුම දැනුණා...
කවි ගී ගයනා කුරුළු ගීතයේ ඔබේ කටහඬ ඇසුණා...
මැවි මැවී සුදිලෙන සිතුවිලි පොදි මැද නව හිරු සිනාසුණා...

                                                                                   - ඇන්ජලා පැල්පොළ  - 

 

මාල ගිරවියේ…

නීල නෙතඟ කියන රහස

දෑල දෙපස රැඳුණි විගස

මාල ගෙලට බඳින දවස

කෝල නුඹෙයි සුනිල අහස

 නින්දා දුන් නෑ පිරිවර

කැන්දා ගෙට දී ගරුසර

බන්දා  ගෙල වට මුතුහර

බින්දා නුඹ ලොව කඩතිර

 රන් මිණි වැල් බැඳෙයි පයේ

මන් පිනවන  ගීත ගැයේ

මින්දද හිස  තියපු ළයේ

දැන් සැඟවෙනු  එපා බියේ

මාල ගිරවියේ අහපන්

කෝල නොවී හිනහීයන්

ආල සිතට තටු මවපන්

නීල අහස සරසවපන්

අහස පුරානෙක මල්කම්

රහස මතින් ඇදි සිත්තම්

පහස ලබා හිරු ගෙත්තම්

විගස ඉගිලියන් දැන්නම්

පහන නිවා සඳුගෙ මියුරු

විමන  රැගෙන වඩිනව හිරු

කුමන බියක් නුඹට මිතුරු

ගඟන නුඹෙයි දිවි ඇතිතුරු

දිනට අහස සරසන විට

කුමට කඳුළු රැගෙන නෙතට

සතුට රැගෙන එක මිටකට

දුරට ඉගිලියන් හෙමිහිට 

 - සංජීවනි පද්මසේන -  
ඇහැළියගොඩ 

--------------

⋆⋆⋆      ⋆⋆⋆   ⋆⋆⋆

සෙනෙහස ගිලිහී

රෑන තුන්පත් මතකයේ නැති

තැනෙක ගොම්මන් වුණා දෝ

සිහින සිතිවිලි අමතකව ගොස්

හිතට ගිනි ඇවිළුණා දෝ

නුඹේ සිව්මැළි හිතේ හිරවුණු

සෙනෙහෙ අමතක වුණා දෝ

ගතින් ළඟ නැති හිතින් ළඟ ඇති

මගෙන් වෙනසක් වුණා දෝ

අපේ හදබැඳි පෙම් රැහැන් පට

අපෙන් ගිලිහී ගියා දෝ

එදා දෙ අදර පහස විඳගත්

අයුරු අමතක වුණා දෝ

කුරුලු පවුලක තිබුණු සෙනෙහස

නුඹ ළඟින් ගිලි හුණා දෝ

මියෙන තුරු වෙන් නොවී ඉන්නට

අපට පින් මදි වුණා දෝ 

 - ඉන්දු මංචනායක -