ඊළාම් යුද්දෙයන් දිවිසරිකර ගත් රාජ්‍ය නොවන සංවිධානවලින් යැපුණු පිරිස් ඔහු නොරිස්සූ හ
ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී කීර්ති වර්ණකුලසූරිය සොවුරාණන් අභාවප්‍රාප්ත වී ඇති බව දැනගන්නට ලැබීණි.
දිනපතා 'දිවයින' පුවත්පත ආරම්භයේ දී ම ඊට එක්වූ කීර්ති කර්තෘ මාණ්ඩලිකයකු සේ ඉසිඹු ලබන තෙක් ම එහි දිගු කාලයක් සේවය කළේ ය..
කීර්ති දිවයින පුවත්පතෙහි විදෙස් පුවත් සංස්කාරකවරයා ලෙස කටයුතු කරමින් යුද පුවත් වාර්තාකරුවකු ලෙසද කළ මෙහෙය බොහෝ දෙනා ගේ පැසසුමට ලක් විය.
කීර්ති පත්තර කලාවට අත්පොත් තැබුවේ 'ජනදින' පුවත්පතෙනි. කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ කීර්ති වර්ණකුලසූරිය මහතා ඉරිදා දිවයින සංග්‍රහයට යුද්ධයේ බොහෝ සැඟවුණු තොරතුරු අනාවරණය කරන්නට සතියේ ඉතිරි දින ගණන ම ඊට මිඩංගු කළේ ය.කීර්ති ගේ යුද තොරතුරු සඳහන් ලිපි බහුතරයක් මහත් ආන්දෝලනාත්මක කරුණු වලින් යුක්ත විය. ඔහුගේ යුද තොරතුරු සහිත සතියේ කොලම පාඨක ප්‍රසාදය අතිශයින් දිනා ගත් ලිපි මාලාවකි.
ඔහු කොටි හිතවාදීන්ට මහත් හිසරදයක් වූ පුවත්පත් කලාවේදියෙකි. රාජ්‍ය නොවන සංවිධානවලින් යැපුණු පිරිස් ඔහු නොරිස්සූ හ.
එවක ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවට පුවත්පත් නියෝජිතයකු සේ කීර්ති සහභාගිවීම වළකාලන්නට බොහෝ අවස්ථාවල එන්ජීඕවල නියෝජිතයන් ගත් උත්සාහයන් බොහෝ ය. එහෙත් ඒ සියල්ලට මුහුණ දෙමින් ඔහු ජිනීවා නුවර සිට මානව හිමිකම් සමුළුවේ දී කෙරුණු දෑ අකුරක් නෑර ලාංකේය පාඨකයන් වෙනුවෙන් වෙහෙස මහන්සිය නොබලා පෑන හැසිර වූයේ ය.
කීර්ති මියයන විට 73 වැනි වියේ පසුවිය. මීට කලකට පෙර ඔහු ගේ බිරිය ඔහු හැරදා දිවිගමන හමාර කළා ය. ඇය දිස්නා මහත්මිය යි.
උපාලි පුවත්පත් සමාගමෙන් විශ්‍රාම ලද පසු හේ තම සොහොයුරු අජිත් වර්ණකුලසූරිය මහතා ගේ රාගම පිහිටි නිවසේ වාසය කරමින් සිටියදී රෝගාතුරව අභාවප්‍රාප්ත වී ඇතැ යි සැලවිය . ඔහුගේ අවසන් ඉල්ලීම පරිදි ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු චාම් ලෙස සිදුකර ඇති බව වාර්තා වේ.
කීර්ති වර්ණකුලසූරිය සොවුර!
නුඹට හෙළදිව ඊ පුවත් සංග්‍රහයේ උත්තමාචාරය!!