ආරක්ෂකඋණුසුම් පුවත්කාලීන කුඩු බෝට්ටු දෙකක් නේවි එකෙන් ඊයේ (23) අල්ලන් 2026-01-240 වැඩි දුර තොරතුරු ඉදිරියේ දී ශ්‍රී ලංකා පොලිසියෙන් ලද තොරතුරකට අනුව, නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, දිගුදුර නෞකා යොදාගනිමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. තවදුරටත් එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ නාවික මෙහෙයුම්වල ප්‍රතිපලයක් ලෙස, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) සහ සංනිවේදන උපකරණ එහිදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එම බහුදින ධීවර යාත්‍රා දෙක (02), මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා දීමට නාවික හමුදාව බලාපොරොත්තු වේ Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයන් හරි Next Article නව ව්‍යවස්ථාවක් පතන පුරවැසියන්ගේ විමසුමට!