උණුසුම් පුවත්කාලීනක්‍රීඩා

කෙන්යානුවන් 2 ක් හා යුදහමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 4 ක් මැරතන් (මාර්ග) ධාවනයේ සූරකම් පෙන්වති

19 වැනි කොළඹ මැරතන් ධාවනයේ අභිෂේක ලද්දේ කෙන්යා කොල්ලෙක් හා කෙල්ලක්

19 වැනි එල්. එස්. ආර්. මැරතන් ධාවන තරගයෙන්  කෙන්යානු ජාතික ක්‍රීඩක එළයිස් න්යගා මුතෝරි (Elias Nyaga Muthori) ජයග්‍රහණය අත්පත් කර ගත්තේ ය. මේ දුර ධාවනය නිමා කරන්නට එළයිස් පැය 02. 25. 35 ක කාලයක් මිඩංගු කරන ලද්දේ ය.

දෙවැනි ස්ථාන දිනා ගන්නා ලද්දේ ශ්‍රී ලංකා යුද හමුදාවේ කේ. ෂන්මුගේෂ්වරන් (K. Shanmugeshwaran) ක්‍රීඩකයා යි. ෂන්මුගේෂ්වරන් මේ සඳහා ගත කළ කාලය පැය 02. 26. 30 කි.
තෙවන ස්ථානය ලද්දේ ද පැය 02. 27. 02 ක කාලය ගෙවන ලද,  ශ්‍රී ලංකා යුද හමුදාවේ දුර ධාවන සූරයකු වන ඊ. ඒ. උදාර චානක රූපසිංහ ක්‍රීඩකයා යි.
කාන්තා මැරතන් ධාවනයෙන් ද කෙන්යානු ක්‍රීඩිකා කැරොලයින් චෙරොනෝ (Caroline Cherno) සෙසු ක්‍රීඩිකාවන් අභිබවා කොළඹ - මීගමුව මාර්ග ධාවනයේ ශූරිය සේ කිරුළු පැළදියා ය. කැරොලයින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අසල සිට බොරුල්ල හරහා  මීගමුව දක්වා වූ ධාවනයට ගත කළ කාලය පැය 02. 58. 09 කි.
කාන්තා මැරතන් ධාවනයේ දෙවැනි හා තෙවැනි ස්ථාන දෙක ම හිමිකර ගත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ එච්. එම්. ඩබ්ලිව්. ජී. ඩබ්ලිව්. එම්. හේරත් (H. M. W. G. W. M. Herath) ක්‍රීඩිකාව යි.  ඇය පැය 03. 03. 20 කින් මැරතන් තරගය නිමා කළා ය. තෙවන්නිය සේ තරගය නිමා කරන ලද්දේ . එම්. චමිලා (O. M. Chamila ) ය. ඇ‌ය තරගය නිමා කරන ලද්දේ පැය 03. 26. 12 කාලයක් ගෙවමිනි.