උණුසුම් පුවත්කාලීනතාක්ෂණයපරිසරය

කෙප්ප වලට කාලගුණෙන් උත්තර

නිල නිවේදනයකින් කරුණු කියයි - පිටු හතක අනාවරණයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට එල්ල වූ විවේචනවලට ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය විසින් නිල ප්‍රකාශයක් නිකුත් කර ඇත.

නොවැම්බර් මස 23 වැනි දින පටන් අවස්ථා 25 ක දී 'දිට්වා' සුළි කුණාටුව සම්බන්ධයෙන් වගකිවයුතු  ඇත්තන් දැනුවත්කිරීමට පියවර ගත් බව ද සංගමය කියයි.
ආපදා තත්ත්වය හා දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සත්‍ය නොවන තොරතුරු රාශියක් සමාජය පුරා සංසරණය වන බවත්, මේ මිථ්‍යා ප්‍රකාශ වලින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විශ්වාසනීයත්වය පලුදු වන බවත් සංගමය අවධාරණය කරයි.

හෙළදිව පාඨකයින් ගේ දැන ගැනීම උදෙසා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමයේ එම නිවේදනය මෙසේ පළ කරන්නෙමු.