උණුසුම් පුවත්

කෙහෙළිය ලා යළි රක්ෂිත බන්ධනාගාරයට

පරිසර ඇමතිවරයා සේ හුන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කෙරුණි. ඒ ලබන 29 වැනි දා දක්වා යි.

මානව ප්‍රතිදේහ (හියුමන් ඉමියුනොග්ලොබින් ) එන්නත් මගඩිය යැ යි පැවසෙන ඖෂධ මිල දී ගැනීමක දී  සිදු කරන ලදැ යි කියන වංචාවක් සම්බන්ධයෙන් චෝදනාවකට ලක්වීමෙන් හෙතෙම මෙසේ රක්ෂිත සරි සිරබාරයට පත්ව සිටියි. ප්‍රශ්නගත ඖෂධය මිලදී ගැනීමේ දී එවක සෞඛ්‍ය ඇමතිවරයා වූ රඹුක්වැල්ල මහතාත්සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් හෙවත් හත් දෙනකු සැකකරුවන් බවට පත්ව රිමාන්ඩ් භාරයේ පසුවේ.

මෙහිදී හිටපු ඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණයට පවසා ඇත්තේ සිය සේවාදායකයා හුස්ම ගැනීමේ අපහසු ව්‍යාධියකින් පෙළෙන බව යි. ඔහුට ඔක්සිජන් ලබාදිය යුතු බව ද ඊට අමතරව තවත් ආබාධ කීපයකින් හෙතෙම පීඩා විඳින බව දඅධිකරණයට පවසා ඇත.