උණුසුම් පුවත්

කේ. ජී. ප්‍රවාහනය කළ පුද්ගලයකු පුලියන්කුලමේ දී අත්අඩංගුවට

කේරළ ගංජයි, යතුරු පැදියකුයි සමඟ සැකකරු පොලිසියේ අත්අඩංගුවේ

පුලියන්කුලම කඳවුරේ පොලිස් සැරයන් 63436 ගමගෙදර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (11) කදවුර ඉදිරිපිට මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටිය දී  කේරළ ගංජා සූක්ෂම ලෙස ගෙන යන ලද පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත

එහි දී කේරළ ගංජා කිලෝ 01, ග්‍රෑම් 365 ක් අඩංගු පාර්සලයක් ඉතා සූක්ෂම ආකාරයට සගවාගෙන යතුරු පැදියක් මගින් ප්‍රවාහනය කරමින් සිටි පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 ක් වන පුද්ගලයකු මෙසේ ‌අල්ලා ගන්නා ලද අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුලියන්කුලම පොලිස් ස්ථානය වෙත භාර දෙන ලදි.