උණුසුම් පුවත්විශේෂාංග

කේ. බී. මානෑව සූරීන් හෙට (02) නික්ම යන වග සාතිශය සංවේදයෙන් දැනුම් දෙන වග

සොවුර මේ අපේ උත්තමාචාරය යි!!!

කිරි බණ්ඩා මානෑව ජන්මලාභය ලද්දේ නුවර කලාවියේ උතුරු තලාගම් කෝරළයේ මානෑව නම් සොඳුරු ගම් පියසේ ය. ඒ රාජකරුණා මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා දම්පතිනට දාව ඔහුගේ බිරින්දෑ විසිනි.

කිරි බණ්ඩා මානෑව හෙවත් කේ. බී. මානෑව නමින් අප කවුරුත් හඳුන්වන ලද ඔහු ජන බස, ඩන වහර, ජනශ්‍රැතිය පිළිබඳ ප්‍රාමාණික විද්වතකු හැටියට යි. ඔහු පර්යෝෂණය කොට ලියන ලද ජනශ්‍රැතිවලින් කෘති තුනක් ම රාජ්‍ය සම්මානයට බඳුන් විය. 

ගුරුවරයකු සේ සමාජයට පිවිසි අපේ මානෑවයෝ නුවරකලාවියේ සිට මාතලේට සංක්‍රමණය වී එහි පුරවැසියන්ගේ සාහිත්‍ය දැනුම පෝෂණය කරන්නට ගත් මහන්සිය සුළුපටු නොවේ.  

මීට මාස දෙකකට තුනකට පෙර අපෙන් සදහට ම සමුගත් රාජ්‍ය සම්මානනීය ගත්කරුවකු වූ පියදාස වැලිකන්න ගේ සොවුරාණන් හා තවත් සාහිත්‍යකරුවන් පිරිසක් ඈඳාගෙන මානෑවයෙන් ද පෙරමුණ ගෙන එහි සාහිතවේදීන්, යෞවනයන් හා බාල පරපුර වෙනුවෙන් කළ අනභිබවනීය සේවාව අමිල ය.

ඉතා නිරහංකාර මිනිසකු වූ මානෑවයෝ ගැන අප මිතුරු ගාමිණි නිශාන්ත කරුණාරත්නයාණන් විසින් හෙට අපෙන් සමුගන්නා සගයාණන් ගැන ලියන ලද සටහන කියවා තේරුම් ගන්න ඔහු කෙබඳු ලේඛකයකු ද, ගුරුවරයකු ද, සාහිත්‍යවේදියකු ද යන වග.

වෙන්ව යන මානෑවයන්ට හෙළදිව උත්තමාචාරය!!

  - සුගතපාල මැන්දිස්  -