ආර්ථිකඋණුසුම් පුවත්තාක්ෂණයව්‍යාපාරික

කොපියා සංවිධානයේ නියෝජිතයා ලාල්කාන්ත මහතා හමුවේ

ඉදිරි වසර පහක කාලයට ව්‍යාපෘති පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව කොපියා (KOPIA) ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Park Pyung – Sik කියයි

කොපියා (KOPIA) ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Park Pyung – Sik මහතා, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා සමඟ හමුවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිරයේදී 2025 ජුලි 22 වන දින පැවැත්විණ. ‍

කොරියානු ග්‍රාමීය සමාජ සංවර්ධන අමාත්‍යාංශය මඟින් පවත්වාගෙන යන කොපියා (KOPIA) මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ මෙතෙක් ආරම්භ කර ඇති ව්‍යාපෘති කිහිපයක් ඇත. දෙමුහුන් තක්කාලි බීජ නිෂ්පාදනය මිරිස් දෙමුහුන් බීජ නිෂ්පාදනය මෙහි ප්‍රධානතම අංගය වේ. කොපියා මඟින් රටවල් 23 ක් පුරාවටම මෙවැනි ව්‍යාපෘතීන් ඇති කරමින් පවත්වාගෙන යමින් පවතී.

පසුගිය කාලවල ශ්‍රී ලංකාවේ ඇතිකළ ව්‍යපෘතීන් සාර්ථක වුවද මෙම වසර තුළ සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් ව්‍යපෘතීන් සාර්ථකත්වයට පත් වීම නිසා ඉදිරි වසර පහක කාලයට ව්‍යාපෘති පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව කොපියා අධ්‍යක්ෂවරයා අමාත්‍යවරයා වෙත දන්වා සිටියේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ‍වෙත අවශ්‍ය තාක්ෂණික සහය ලබා දෙමින් ආධාර ලබා දෙමින් තක්කාලි සහ මිරිස් දෙමුහුන් බීජ වර්ධනය මඟින් මිරිස් බෝග වර්ධනය සඳහා ඉවහල් වීමට ඔවුන් අදහස් කරයි. රජයේ බීජ නිෂ්පාදනාගාරය වන පැල්වෙහෙ‍ර බීජ ආයතනය සමඟ සම්බන්ධ වීමටත් ඒ හරහා පොලිටනල් (ආරක්ෂිත ගෘහ) නිර්මාණය කරමින් තෝරා ගත් විශේෂ ප්‍රදේශයන් තුළ ව්‍යාපෘතිය පවත්වාගෙන යාමට අදහස් කරයි. පොලිටනල් ඇති කිරීම සඳහා දැනටමත් හොඳම තැන් පිහිටියේ කොත්මලේ ප්‍රදේශයේ බව හඳුනාගෙන ඇත. මෙමඟින් මිරිස් දේශීය වශයෙන් වගා කොට රටේ අවශ්‍යතාවයන් සපුරාලමින් අපනයනය දක්වා වර්ධනය කිරීමට අදහස් කරන බව අධ්‍යක්ෂවරයා අමාත්‍යවරයාව දැනුම්වත් කළේය.

කොරියාවේ විශේෂයෙන් සිදුවන්නේ ගොවියන්ගේ සමාගම් ඇතිකරන තත්ත්වයට ගොවි ජීවිතය වර්ධනය සඳහා මූලිකව සම්බන්ධ වන ව්‍යාපෘතීන්ය. ගොවියාගේ සමාගම් ඇති කිරිම මඟින් රජයේ මැදිහත්වීමකින් තොරව ගොවියාට නැඟී සිටීමට හැකිය. විශේෂයෙන් මෙම ව්‍යාපෘතියේ අවසාන අරමුණ වන්නේ ගොවියන්ගේ සමාගම් ඇති කිරීම මඟින් ගොවියා ආර්ථික වශයෙන් ශක්තිමත් කොට පරිභෝජනයට අවශ්‍ය සහ අපනයනය සඳහා අවශ්‍ය නිෂ්පාදනයන් සිදු කර ගැනීමයි.

මෙහිදී ව්‍යාපෘතීන් සඳහා අවශ්‍ය කාලය හා එම නිලධාරීන් දෙපාර්තමේන්තුවෙන් යොදවාගෙන සාර්ථක කර ගැනීම සඳහා හැමදෙනාම කැපවීමෙන් වැඩ කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම අවස්ථාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනෙක් ද සහභාගී විය.