පසුගිය නොවැම්බර් 28 වනදා හටගත් 'දිට්වා' සුළි කුණාටුවෙන් විනාශ වී ගිය උතුරු දුම්රිය මාර්ගය යළි ප්‍රතිසංස්කරණය කොට ඇති අතර කොළඹ කොටුව හා කන්කසන්තුරය අතර 'යාල්‌දේවී' දුම්රිය අද (24) සිට ධාවනය වේ.
එම දුම්රියේ පළමු පන්තියේ වායුසමීකරණය කළ මැදිරි සහ දෙවැනි පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම් ද මේ වන විට සලසා ඇතැ යි දුම්රිය ගමනාගමන අධිකාරිය ජී. ඩී. ඒ. සමරසිංහ මහතා සදහන් කළේ ය.
කොළඹ - මඩකළපුව දුම්රිය ධාවනය ද ඊයේ සිට ආරම්භ විය.
මේ අතර කඳු නායයාම නිසා දුම්රිය මාර්ගය විනාශ වීම නිසා ඇනහිට තිබූ කොළඹ - බදුල්ල මාර්ගයේ දුම්රිය ධාවනය නානුඔය සිට අඹේවෙල දක්වා දැන් පැවැත්වෙන බව ද ඔහු පැවසී ය
කටුගස්තොට කළු පාලම කැඩීයාම නිසා මහනුවර - කොළඹ අතර දුම්රිය ධාවනය තවමත් සිදුවන්නේ නැහැ. දැනට එම මාර්ගයේ දුම්රිය ධාවනය සිදු කෙරෙන්නේ කොළඹ හා රඹුක්කන අතර පමණි.
