උණුසුම් පුවත්කාලීන

ගඟසිරිපුර ධම්මාලෝක පොඩි හාමුදුරුවන් ගේ සත් කාර්යය අගේ කරමු අපි

ලක්ෂ විස්සක නිවෙසක් ඉදිකර දෙන්නට පොඩි හාමුදුරුවන් පෙරට වඩී

අනුරාධපුර, හබරණ, පුවක්පිටිය  මහා වන කටු මැටි ගැසූ පැලක  ජිවත් වූ තරුණ මවක බිහිකළ දරු තිදෙනා ගේ පුවත න් පසු ගම්මානයට වැඩම කළ  ගඟසිරිපුර ධම්මාලෝක පොඩි හාමුදුරුවෝ (සදගිරි සැයේ පොඩි හාමුදුරුවෝ ) ඔවුනට ලක්ෂ විස්සක වටිනාකමකින් යුතු නිවසක් තනා දීමට පොරොන්දු විය.

පුවත අනාවරණය වී පැය කිහිපයක් යන්නට මත්තෙන් ඒ පිළිබඳව සොයාබැලූ ධම්මාලෝක හිමි අද (16) එම දරුතිදෙනා ඇතුළු පවුලේ  සුවදුක් විමසීමට ගම්මානයට වැඩම කළහ.

අම්මා වරුන්ගේ දිනයට පැය කිහිපයක් තිබියදී දඹුල්ල රෝහලේදී   හබරණ පුවක්පිටිය පදිංචි 25 හැවිරිදි ගිහානි සුපෙෂලා කුමාරි තුන් නිවුන් පිරිමි දරු උපතක් සිදුකළාය.

ගම්මානයට වැඩම කළ උන්වහන්සේ පවතින දුෂ්කරතාව සියසින්ම දැක අනතුරුව  මෙම පුංචි පවුලට රුපියල් ලක්ෂ විස්සක් වටිනාකමින් යුත්   අංග සම්පූර්ණ නිවසක් තනාදීමට පොරොන්දු විය.

දරුවන් සිව් දෙනාගේ අනාගතය වෙනුවෙන් තමන් වෙනුවෙන් සිදු කිරීමට යන උතුම් පුණ්‍ය කර්මයට දරුවන්ගේ මව සහ පියා අනේකවාරයක් ධම්මාලෝක හිමියන්ට පින් දුනේය.

දරුවන්ගේ පියා මේවන විටත් ගසේ ඉදිකර ඇති පැලෙන් ඇද වැටී ආබාධිත තත්ත්වයේ පසුවෙයි.

දරුවන්ගේ පියා සන්දිත් අශෝක දයානන්ද මහතා තමනට  හිතා ගැනීමටවත් නොහැකියි ලැබුණු පණිවිඩය පිළිබඳව මෙසේ පැවසීය

“මට මේක හීනයක් වගේ පුංචි පැටව් තුන් දෙනා ලැබුණට පස්සේ මම කොහොමද ජීවත් වෙන්නේ මේ පැටව් එක්ක  පැලේ ඉන්නේ කොහොමද කියලා කල්පනා කරමින් තමයි හිටියේ. අද උදේ හාමුදුරුවෝ ඇවිල්ලා මට කිව්වා අංග සම්පූර්ණ නිවසක් ඉක්මනින් හදලා දෙනවා කියලා. මේක මාධ්‍ය මගින් පළවීම නිසා තමයි මට  මේ උදව් ලැබුණේ, උදව් කරන හැමෝටම මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.”

උපුටා ගැනීම  - මුහුණු පොතෙහි Gangasiripura Dhammaloka Thero හා G MG Shehan පිටුවලිනි