සැකකරුවන් සම්බන්ධ කළ කාන්තාව හොයා ගන්න පොලිසිය මහජන සහාය පතයි
ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අද වන විට සැකකරුවන් අටදෙනෙකු පොලිස් අත්අඩංගුවේ පසුවේ. පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු හ හිටපු කමාන්ඩෝ සෙබළුන් දෙදෙනෙකු ද මොවුන් අට දෙනාට අයත් බව පොලිසිය කියයි.
සංජීව ගේ ඝාතකයාට හා ඔහුගේ සහායිකාව ත්‍රිරෝද රථයකින් ගෙන ගිය බව අනාවරණය කර ගත් පොලිස් විමර්ශකයින් ඊට සම්බන්ධ වූ එකම පවුලේ අයිය මලෝ දෙන්නකු ද අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලදි.
අපරාධය සිදුකිරීමෙන් පසු වෙඩික්කරු හා නීතිඥ වෙසින් පැමිණි ඉෂාරා සෙව්වන්දි නම් සැකකාරිය . මීගමුව ප්‍රදේශයේ දුරකථන සන්නිවේදන ආයතනයක සේවය කරන අයිය මලෝ දෙන්නා ත්‍රිරෝද රථය එම ආයතනයෙන් කුලී පදනම මත ලබාගෙන ඇති බව පොලිස් නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන ඇත.
කමාන්ඩෝ සලිඳු නම් ඝාතකයා කඩොල්කැලේ ප්‍රදේශයෙන් ත්‍රිරෝද රථයට නැඟ කොච්චිකඩේ රිදීවැල්ල මාර්ගයට ගිය බවත්. එහිදී ඔහු ළඟ තිබූ ගමන් මල්ලක් ත්‍රිරෝද රථයෙන් පිටතට විසි කරන ලද බවත් මොවුන් විසින් පොලිස් ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය කර ඇත.
වෙනත් ත්‍රිරෝද රථයකින් පැමිණි ඉෂාරා සෙව්වන්දි නැමැති සැකකාරිය වයික්කාල ප්‍රදේශයට ගොස් ඇති අතර, වෙඩික්කරු වයික්කාල දුම්රිය ස්ථානය අසලින් ද ඉෂාරා සෙව්වන්දි නමැති ඝාතන සයායිකාව කොප්පර හන්දියෙන් ද බැස ගිය බව ද විමර්ශක නිලධාරීහු අනාවරණය කර ගනෙ ඇත්තාහ.
ගම්පහ ප්‍රදේශයේ පදිංචි දෙවිසි හැවිරිදි තරුණයෙකු විමර්ශක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ සංජීව ඝාතනයට භාවිතා කළ ගිනි අවිය ඔහු සන්තකයේ තබාගෙන සිට වෙඩික්කරුට ලබා දී ඇති බව හෙළිදරව් කර ගැනීමෙනි.
ඊයේ (22) අතුරුගිරිය පොලිසියේ සේවයේ නියුතු හසිත රොෂාන් (37) නමැති කොස්තාපල්වවරයාය අත්අඩංගුවට ගන්නා ලද්දේ ඝාතකයා පලා යාමට භාවිත කළ වෑන් රථය ඔඔ සන්තකයේ තබා ගෙන ඇති බව පරීක්ෂණවල දී හොයාගත් කරුණු අනුවයි.
ෑන් රථයේ තිබී හමුවූ "මිස්ටර් රොෂාන්" යනුවෙන් සඳහන් බිල්පතක ජංගම දුරකථන අංකය ඔස්සේ සිදු කළ විමර්ශන අනුව ඔහු අල්ලා ගන්නා ලද්දේ කොට්ටාවේදී ය.
අත්අඩංගුවට ගත් එම වෑන් රථය දැනට විදේශගත වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රුවින්ද නැමැත්තෙකු විසින් තමාට ලබා දුන් බව පොලිස් කොස්තාපල්වරයා ප්‍රකාශ කර ඇත. වෙඩික්කරු ප්‍රවාහනය කළ රියදුරුට එම වෑන්රිය ලබා දී ඇත්තේ රුවින්ද නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ උපදෙස් මතයි. කොස්තාපල්වරයාගේ නිවස පරීක්ෂා කිරීමේදී බෝර 12 වර්ගයේ ගිනි අවි සඳහා ජීව උණ්ඩ 7 ක්, එම් 16 වර්ගයේ ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩයක්, අයිස් මත්ද්‍රව්‍ය තැවරුණු විද්‍යුත් තරාදියක් සහ ඇක්වා මෝටර් රථයක් ද පොලිසිය විසින් සොයා ගෙන ඇත.
ඉෂාරා සෙව්වන්දි නම් සැකකාරිය වට්ස්ඇප් හරහා ඝාතනයට සම්බන්ධ සියලු පුද්ගලයින් මෙහෙයවා ඇති වග විමර්ශනවලින් අනාවරණ වී ඇත.
සංජීව ඝාතනයේ සහායිකාව වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය ගේ, මව සහ සහෝදරයා ත් මිත්තනියත් තමන්ට මරණ තර්ජන ඇතැයි පවසමින් මීගමුව පාරේ, ජය මාවතේ පිහිටි නිවස අත්හැර ගොසිනි.
වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලබන අතර, සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48 ක රැඳවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා රඳවා තබා ගැනීමට නියෝග කර තිබේ.
