කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිස්සංක නමින් නීතිඥ සංගමයෙන් නිකුත් කරන ලද බොරු හැඳුනුම්පතක් ඝාතකයා ළඟ
කෙළඹ අලුත්කඩේ අංක 5 දරණ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්තිකූඩුවට නැඟ හුන් අංක එකේ පාතාල නායකයකු සේ කුප්‍රසිද්ධව හුන් ගණේමුල්ලේ සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්නට ගිනි පිම්ඹ බොරු නීතිඥ මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් (34) පුත්තලම පාලවිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අනාවරණය කරගෙනැති තොරතුරුවලට අනුව ඔහු නීතිඥ සංගමය විසින් නිකුත් කරනු ලබන නීතිඥ හැඳුනුම්පතට සමාන හැඳුනුම්පතක් ද සකස් කරගෙක ඇති බව හෙළි වී ඇත.
ඒ් කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිස්සංක නම් ව්‍යාජ හැඳුනුම් පතකි.
මේ ඝාතනයට සම්බන්ධ යැ යි සැකපිට අතුඅඩංගුවට ගත් මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් (34) ගේ අතීත ක්‍රියාකලාපය කෙබඳෞ දැ යි යන්න හා හෙතෙම අසංජීව ඝාතනයට සම්බන්ධ වූ අයුරු පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පොලිසිය විසින් ආරඹා ඇත. විශේෂයෙන්ම ඔහුගේ හමුදා පසුබිම සහ පසුගිය කාලයේ ක්‍රියාකලාපය පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා අද පැවැති විශේෂ මාධ්‍ය හමුවෙහි දී පැවසී ය.