ආරක්ෂකඋණුසුම් පුවත්දේශපාලන

ගම් ගොඩදාගන්න ගමෙන් ගම ඇත්තන් 8,287 ක් තෝරා ගනිමු.

සාමය රකින්න පොලිසියෙන් 6500 ක්

පුංචි ඡන්දෙ අද යි 

පළාත් පාලන ආයතන 339 ක් සඳහා සභිකයින් 8,287 ක් තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණය අද (6) පෙ.ව. 7 ට ආරම්භ වේ. ඡන්ද විමසීම ප.ව. 4 ට අවසන් වේ.

2023 දී මැතිවරණය සඳහා නාමයෝජනා පිළිගනු ලැබුවද, එවකට පැවති රජය මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය අරමුදල් වෙන් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඡන්ද විමසීම කල් දමන ලදී.

කල්මුණේ මහ නගර සභාව, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව, මන්නාරම ප්‍රාදේශීය සභාව, කිලිනොච්චියේ පූනකරි ප්‍රාදේශීය සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර අනෙකුත් සියලුම පළාත් පාලන ආයතන සඳහා අද පළාත් පාලන මැතිවරණය පැවැත්වේ.
මහ නගර සභා 28 ක්, නගර සභා 36 ක් සහ ප්‍රාදේශීය සභා 272 ක් ඇතුළුව පළාත් පාලන ආයතන 339 ක් සඳහා සභිකයින් 8,287 ක් තේරී පත් වේ.
2025 පළාත් පාලන මැතිවරණයේදී ඡන්දදායකයින් 17,296,330 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් හිමි ය.  එය පසුගිය වසරේ ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණවලට සාපේක්ෂව 155,976 ක වැඩිවීමකි.
රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,759 කදී ඡන්ද විමසීම පැවැත්වේ.
පිළිගත් දේශපාලන පක්ෂ 49 ක් සහ ස්වාධීන කණ්ඩායම් 257 ක් නියෝජනය කරමින් අපේක්ෂකයින් 75,589 ක් 2025 පළාත් පාලන මැතිවරණයට තරඟ කරනු ඇත.
පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ කෙසේද?
2025 පළාත් පාලන මැතිවරණය මිශ්‍ර - සාමාජික සමානුපාතික නියෝජන ක්‍රමයක් යටතේ පැවැත්වේ.
මිශ්‍ර - මන්ත්‍රී සමානුපාතික නියෝජන ක්‍රමය තුළ, නියෝජිතයින් තනි කොට්ඨාසවලින් සහ සමානුපාතික නියෝජන ලැයිස්තුවක් හරහා තෝරා පත් කර ගනු ලැබේ.
ඒ අනුව, නියෝජිතයින්ගෙන් 60% ක් කොට්ඨාසවලින් තෝරා පත් කර ගනු ලබන අතර, ඉතිරි 40% එක් එක් පක්ෂයට හෝ කණ්ඩායමට ලැබෙන ඡන්ද අනුපාතය මත පදනම්ව තෝරා ගනු ලැබේ.
ඔබේ ඡන්දයෙන් සාමාජිකයින් තෝරා පත් කර ගන්නේ කෙසේද?
දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පළාත් පාලන ආයතනයක මුළු ආසන සංඛ්‍යාවෙන් 50% කට වඩා ලබා ගන්නේ නම්, එම සභාවේ නගරාධිපති හෝ සභාපති  හෝ  පත් කිරීමේ බලය පක්ෂ ලේකම්වරයාට හෝ කණ්ඩායම් නායකයාට හෝ ඇත.
කේවල මන්ත්‍රී කොට්ඨාසවලදී, වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා අපේක්ෂකයා නියෝජිතයා ලෙස තේරී පත් වේ.
බහු මන්ත්‍රී කොට්ටාසවල, ජයග්‍රාහී පක්ෂයෙන් හෝ කණ්ඩායමෙන්  හෝ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා අපේක්ෂකයින් දෙදෙනෙකු හෝ තිදෙනෙකු සාමාජිකයින් ලෙස පත් කරනු ලැබේ.
මැතිවරණ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 65000 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා කියයි. ඡන්ද පොළ මෙන් ම රටේ සාමය රැක්මට මොවුන් යොදවා ඇති අතර පොලිසිය සමග සහයෝගයෙන්  රටේ ආරක්ෂක පරිසරය සුරැකීමට හමුදාව ද මැදිහත් කෙරෙනු ඇත.