මාර්තු 03 නිහඬ විරෝධතාව තාවකාලිකව නතර කරයි
ගැටලුවට නිශ්චිත විසඳුමක් නොමැති වීම හේතුවෙන් එළැඹෙන මාර්තු 03 වනදා රාජ්‍ය පරිපාලන හා පලාත් පාලන අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වීමට නියමිතව තිබූ නිහඬ විරෝධතාව ඒ අනුව තාවකාලිකව නතර කිරීමට පියවර ගන්නා බව 2009/2010 ග්‍රාම නිලධාරී එකමුතුව ප්‍රකාශ කරයි.
ඒ සියලුම වෘත්තිය සංගම් නියෝජනය කරන 2009/2010 කණ්ඩායමේ ග්‍රාම නිලධාරින් සමඟ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යංශ ලේකම්, අතිරේක ලේකම් (ස්වදේශ කටයුතු), අතිරේක ලේකම් (ග්‍රාම නිලධාරි පාලන), ආයතන අධ්‍යක්ෂ හා අමාත්‍යංශ නිලධාරින් කළ සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණයට එළැඹි බව එම එකමුතුව සඳහන් කරයි.
2009/2010 ග්‍රාම නිලධාරින්ගේ ශ්‍රේණි ගැටලුව සඳහා විෂයභාර අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ඉදිරි සතිය ඇතුළත නිශ්චිත විසඳුමක් ලිඛිතව ලබාදෙන බව අමාත්‍යංශ ලේකම්වරයා අදාල සාකච්ඡාවේදී දැනුවත් කල බව මෙම එකමුතුවේ මාධ්‍ය ලේකම් කුමුදු වඩුමුල්ල මහතා පැවසීය.
මෙම එකඟතාව හේතුවෙන් මාර්තු 3 දින පැවැත්වීමට නියමිත නිහඬ විරෝධතාව තාවකාලිකව අවලංගු කරන බවත්, ඉදිරි සතිය ඇතුළත විසඳුමක් නොලැබුණහොත් මාර්තු 16 දින මෙම නිහඬ විරෝධතාවය වෙනුවට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සමගින් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන බවද හෙතෙම සඳහන් කළේය.
දිගින් දිගටම මේ සම්බන්ධව සාකච්ඡා කලද, සමස්ත ග්‍රාම නිලධාරී වෘත්තිකයින්ගෙන් 25% ක් නියෝජනය කරන මෙම 2009/2010 කණ්ඩායමේ නිහඩ විරෝධතාවය පිළිබඳව මාධ්‍ය වාර්තා පලවූ පසුව වෘත්තිය සමිති නියෝජිතයින් සමඟ මෙම සාකච්ඡාව ලබා දීමට අමාත්‍යංශය කටයුතු කරන ලදී
