උණුසුම් පුවත්කාලීන

ගාල්ලේ නව දිසාපති වැඩ අරඹයි

පරිපාලන සේවයේ අත්දැකීම් බෝ ලද නිලධාරියෙක්

ගාල්ල මහ දිසාපතිවරයා හෙවත් දිස්ත්‍රික් ලේකම්වරයා සේ කේ.යූ චන්ද්‍රලාල් මහතා  අද (26)  පෙරවරුවේ ගාල්ල  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සිය රාජකාරී ආරම්භ  කළේ ය.

ගාල්ලේ හබරාදුව  ප්‍රදේශයේ උපත ලද චන්ද්‍රලාල් මහතා  මූලික පාසල් අධ්‍යාපනය ලණුමෝදර  විජය විද්‍යාලයෙන් ආරම්භ කර පසුව ගාල්ල  රිච්මන්ඩ්  විද්‍යාලයෙන්  අධ්‍යාපනය හදාරා කොළඹ  විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය ලබා ගෙන ඇත. ජපානයේ අන්තර්ජාතික විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හදාරා ඇති ඒ මහතා ශ්‍රී ලංකා  පරිපාලන සේවයේ තනතුරු රැසක අත්දැකීම් බහුල නිලධාරියෙකි.