උණුසුම් පුවත්කාලීනදේශපාලන

ගාල්ල මහ නගර සභාවෙත් අයවැය පැරදිලා

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කොකා පෙන්නති

ගාල්ල මහ නගර සභාවේ මාලිමා  - පොදුජන එක්සත් පෙරමුණේ හවුල් පාලනයේ අයවැය ද අද (15) වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත් විය.

මන්ත්‍රී ආසන 36 කින් සමන්විත ගාල්ල මහ නගර සභාවේ අයවැය, නගරාධිපති සුනිල් ගමගේ මහතා විසින්, විවාදයට ඉදිරිපත් කරන ලදුව, පැවති ඡන්ද විමසීමේ දී වැඩි ඡන්ද දෙකකින්  පරාජයට පත් වූයේ 19 - 17 ක් ලෙසට යි.

මාලිමාවේ හෙවත් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 17 නා අයවැයට පක්ෂව ඡන්දය දෙන ලදි. ඔවුන් හා ගාල්ලේ පාලන බලය පිහිටුවීමට කටයුතු කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා විපක්ෂය සමග එක්ව, ඊට විරුද්ධව සිය අකමැත්ත ප්‍රකාශ කිරීම කැපී පෙනෙන විශේෂ සිද්ධියකි.