උණුසුම් පුවත්කාලීනදේශපාලන ගාල්ල මහ නගර සභාවේ අයවැය සම්මත ද? 2025-12-240 විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් නගරාධිපති පුටුවේ අසුන් ගනී, සභාතොමෝ අවුලෙක් විසිර ගියා ය ගාල්ල මහ නගර සභාවේ අයවැය විවාදය දෙවන වරටත් අද (24) පැවත් විණි. අයවැය පිළිබඳ ඡන්ද විමසීමෙන් පසු නගරාධිපතිවරයා විසින් ස්වකීය මංගල අයවැය සභාවේ වැඩි ඡන්දයෙන් සම්මත වූ බව සඳහන් කළේ ය. ඒ සමඟ ම විපක්ෂයේ නියෝජිතයින් ඊට එරෙහිව මහත් සේ කෑ කොස්සන් ගාමින් සභා ශාලාව දෙවනත් කරද්දී නගරාධිපති සුනිල් ගමගේ මහතා සභාවාරය නිමා කර නගරාධිපති අසුනෙන් බැස ගිය වහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ලේකම්වරිය රඳවා ගන්නා ලදි. ජාතික ජන බලවේගය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හවුල් වී පිහිටුවන ලද ගාල්ල මහ නගර සභාවේ පාලනය යටතේ ඔවුන් ගේ මංගල අයවැය ඉකුත් 15 වන දා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවති විවාදයෙන් පසු එය සම්මත කර ගැනීමට නගරාධිපති සුනිල් ගමගේ මහතා සභාවට ඉදිරිපත් කරන ලදි. ඒ පිළිබඳව පැවති ඡන්ද විමසීමේ දී විපක්ෂය විසින් අයවැය පරාජයට පත් කරන ලද්දේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් ගේ ද සහභාගිත්වයෙනි. ඒ අනුව දෙවැනි වරටත් නගරාධිපතිවරයා විසින් එය යළි අද සභාවට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ පැවති ඡන්ද විමසීම මහා කෑකෝ ගැසීම් මධ්‍යයේ පැවතියේ ය. සභා ශාලාවේ පැවතියේ දැඩි නොසන්සුන්කාරී ස්වභාවයකි. එනිසා ම අයවැයට පක්ෂ හෝ විපක්ෂ හෝ බව හරිහැටි සටහන් වූයේ ද යන්න ගැටලුකාරී ය. එක් මන්ත්‍රීවරයෙක් නගරාධිපති අසුනේ අසුන් ගෙන සභාවක් පවත්වා අයවැය පිළිබඳ ඡන්ද විමසා එය පරාජය වූ බව ප්‍රකාශ කරන ලදි. එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් 17 කු අයවැයට විරුද්ධව බවට සභා සම්මත කර ගෙන ඒ බව ලේකම්වරිය ලවා සහතික කොට ගෙන නාගරික කොමසාරිස්වරයාට එය භාර දෙන ලදි. මේ වන විට ගාල්ල මහ නගර සභාවේ පාලක ජාතික ජන බලවේගයේ නගරාධිපතිවරයා ඇතුළු කණ්ඩායම සභාවෙන් පිටව ගොසිනි. මෙහි පැවති නොසන්සුන්කාරී තත්වය නිසා පොලිසිය ද කැඳවා තිබුණි. ලේකම්වරිය පොලිසියේ මැදිහත්වීම මත බේරා ගන්නා ලදි. මේ පිළිබඳ තීරණයකට එළඹීම නීති උපදේශකවරුන්ගෙන් විමසා බලා ගන්නා බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය. නගරාධිපතිවරයා පවසන ලද්දේ විපක්ෂය විසින් සභා ලේකම්වරිය බලහත්කාරයෙන් රඳවා ගෙන විපක්ෂය නීති විරෝධීව කටයුතු කළ බවයි. ඊට ඇවැසි නිතිමය පියවර ඉදිරියේ දී ගන්නා බව හේ මාධ්‍යට ප්‍රකාශ කළේ ය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article සාමයේ කුමරුවන් ගේ උපත අද (25) යි Next Article රුපියල් බිලියන 10 ක වන්දියක් මහින්ද පතිරණගෙන්, සුනිල් වටගල ඉල්ලනවා