උණුසුම් පුවත්ක්‍රීඩා

ගාලු ක්‍රිකට් පිටියේ දී සුද්දියන් දණ ගැස්සූ අපේ පුංචි කළු කෙල්ල

14 වැනි වියේ පසුවන පන්දු යවන්නියේ! නුඹට හෙළදිව සුබ පැතුම්!!!

ශ්‍රී ලංකා,   එංගලන්ත හා ඕස්ට්‍රේලියානු  තුන්කොන් එක්දින  යොවුන් ක්‍රීඩිකා තරගාවලියේ දී ඊයේ (09) එංගලන්ත යොවුන් ක්‍රිකට් ක්‍රීඩිකාවන් දණ ගස්වමින් ලකුණු 108 ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දෙමින් පිතිකාර සුද්දියන් හොල්මන් කරලූ චමෝදි මුණසිංහ පෙන්වූ දක්ෂතාවය අති විශිෂ්ට ය. වයසින් දාහතර වැනි වියේ පසුවන චමෝදි මුණසිංහ එංගලන්ත පිතිහරඹ කාරියන්ට ලකුණු 42 ක් පිරිනමා ඔවුන්ගේ ක්‍රීඩිකාාවන් පස් දෙනකු පිටියෙන් යළි ක්‍රීඩාගාරයට යැවීමට දක්ෂ වූවා ය.

ඊයේ ගාල්ල ජාත්‍යන්තර ‌ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී තරගය පැවැත්විණි. කාසියේ වාසිය ලද ලාංකේය කණ්ඩායම පළමුව පහරදීම අරඹා සියල්ලන් දැවී ලකුණු 226 ක් රැස් කළේ පන්දුවාර 48. පන්දු 4 ක දී ය.
ශ්‍රී ලංකා 19 පහළ යොවුන් පිල වෙනුවෙන් දක්ෂ පිති හරඹයක යෙදෙමින් රෂ්මිකා සෙව්වන්දි පන්දු 58 කදී ලකුණු 59 ක් රැස් කළා ය. ලකුණු 27 ක් ලබා ගත්තී සංජනා කාවින්දී ය. අමු සුරේන් කුමා හා සොෆියා ස්මෙල් එංගලන්තය වෙනුවෙන් කඩුලු දෙක බැගින් ලබා ගත්හ.
ලකුණු 227 ක ඉලක්කයක් හඹා යන්නට පිටියට පිවිසි 19 පහළ සුදු ක්‍රීඩිකාවෝ සියලු දෙනා දැව ලබා ගත්තේ ලක්‍ුණු 118 කි. ඒ පන්දුවාර 23 . පන්දු 03 කදී ය
එංගලන්ත ක්‍රීඩිකාවන් ගේ කඩුුුලු පහක් දවා ගනිමින් ඔවුන් ගේ සිහින බොඳ කරන්නට ශ්‍රී ලංකා පිලේ ළාබාලතම පන්දු යවන්නිය වන චමෝදි මුණසිංහ කළ මෙහෙය ය කෙසේ නම් අගයන්න ද? ඈ තවමත් 14 වැනි වියේ පසුවන කෙල්ලකි
මොනරාගල කුඹුක්කන නම් අති දුෂ්කර ගම්මානයේ උපත ලද ඈ පෙන්වූ දක්ෂතා ක්‍රීඩා විචාරකයන් ගේ නොමඳ පැසසුමට ලක්විි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය වර්ණවත් කළ  මේ පුංචි සූර  වීර,   ක්‍රීඩිකාවට   හෙළදිව ලෝබ නැතිව  සුබ පතන්නේ ඇගේ දස්සකම් හැකියාවන් තව තවත් ඔප් නංගාගෙන හෙළදෙසට ආඩම්බර විය හැකි සූරකම් වීරකම් පාන්නියක් වේවා යි ආශිංසනය කරමිනි.
ජයශ්‍රී චමෝදි!!!!

.