රෑකඩහේනේ අවතැන් වූ පවුල් සඳහා ඇල්පිටියේ පන්සල්වලින් ආධාර
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ පවුල් සඳහා වියළි සලාක හා ගෘහ උපකරණ ,ඇඳ ඇතිරිලි,ආදිය ලබාදීමේ වැඩ සටහනහක් ගාල්ල දිස්ත්‍රික් භික්ෂු පෙරමුණ විසින් ක්‍රියාත්මක කොට තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රදේශයේ විහාරස්ථාන වලින් එකතු කරගත් මෙම ද්‍රව්‍ය කහදූව රෑකඩහේනේ අවතැන් වූ පවුල් සඳහා ලබාදෙන බැව් එම පෙරමුණේ ගාලු දිසා ලේකම් පූජ්‍ය පොල්ගහවිල ඥාණකිත්ති හිමියෝ කීහ.
විහාරස්ථාන වලින් එම එකතු කර ගත් අයුරු සේයාරුවෙන් දැක්වේ.
- ලාල් ගොඩගේ -