පොහොට්ටුවේ සහබන්දුට (හිටපු නගරාධිපති) නියෝජ්‍ය නගරාධිපතිකම
ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම අද (20) පැවති අවස්ථාවේ ගාලු පුරපති තනතුර ජාතික ජන බලවේගයේ සුනිල් ගමගේ මහතා දිනා ගත්තේ ය.
නියෝජ්‍ය නගරාධිපති තම නිතරඟයෙන් හිමි කරගන්නා ලද්දේ පොහොට්ටුවේ හිමන්ත්‍රී, හිටපු පුරපති ප්‍රියන්ත සහබන්දු මහතායි.
ගාලු මහ නගර සභාවේ මංගල රැස්වීම පැවති අවස්ථාවේ ඇති වූ ගැටලුකාරී තත්වය හේතුවෙන් විපක්ෂයේ මහජන නියෝජිතයින් සභාවෙන් ඉවත් වෙද්දී හිටපු නගරධිපතිවරයා පමණක් අසුන් ගෙන සිටියේ ය.
