ආරක්ෂකඋණුසුම් පුවත් ගැඹුරු මුහුදේ සිදු කළ තවත් විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට 2024-11-170 සැකකරුවන් පස් දෙනයි, බහුදිනෙයි මත් ද්‍රව්‍යයි අල්ලන් ඇත්තේ ගැඹුරු මුදුදෙ දි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ තවත් විශේෂ මෙහෙයුමකදී, ශ්‍රී ලංකාවට බටහිර දෙසින්, නාවික සැතපුම් 110 ක් (කිලෝමීටර් 200 ක්) පමණ ගැඹුරු මුහුදේදී, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) 2024 නොවැම්බර් මස 16 දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 40 ක පමණ තොගයක් ඇති බවට සැක කෙරෙන අතර, එම බහුදින යාත්‍රාව සහ සැකකරුවන්, වැඩිදුර පරික්‍ෂාව සහ ඉදිරී නීතිමය කටයුතු සඳහා නාවික හමුදාව විසින් මේ වන විට ගොඩබිමට රැගෙන එමින් සිටියි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ගේ නාම ලේඛනය Next Article “දණින් වැටී ජීවත් වෙනවාට වඩා දෙපයින් නැගිට මියයාම වටී …..”