උණුසුම් පුවත්කාලීනපරිසරය

ගිගුරුම් සහිත වැසි! තද සුළං!!

පරෙස්සම් වන්න - කාලගුණෙන් අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට 210km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.9°N සහ දේශාංශ 82.6°E ආසන්නයේ කේන්ද්‍රගත වී ඇත.

එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට බොහෝ දුරට ඉඩ ඇත.

මි.මී. 200 ට වැඩි ඉතා තද වැසි

පැයට කිලෝමීටර 60 - 70 දක්වා තද සුළං

වලාකුළු සහිත අහස

ගිගුරුම් සහිත වැසි

ඉතා රළු මුහුද

කඳුකර ප්‍රදේශවල නායයෑම් අවදානම්

 ප්‍රධාන හා සුළු ගංවතුර තත්ත්වයන් ඇති විය හැක.

තද වැසි සහ තද සුළං මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.