උණුසුම් පුවත්සංස්කෘතිකසාහිත්‍යය හා කලාව

ගොඩගේ පොත් මැඳුරෙන් 2025 වසරේ අත්පිටපත් තරගය

සිංහල, දෙමළ හා ඉංග්‍ර්‍රීසි භාෂා ත්‍රයෙන් ම

සම්මානනීය ග්‍රන්ථ ප්‍රකාශක ආයතනයක් සේ තිස් නම වසරක් පුරා රාජ්‍ය සම්මානය දිනාගත් මරදානේ ගොඩගේ‌ෙ පොත් මැඳුරෙන් මෙවර ද නිර්මාණකරුවන්ගේ හා නිර්මාණකාරියනගේ අත්පිටපත් තරගය අරඹා ඇත.

මේ සඳහා අත්පිටපත් භාර ගන්නා අවසන් දිනය සේ 2025 පෙබරවාරි 28 සඳහන් කරයි.

නවකතා, කෙටිකතා, කාව්‍ය සංග්‍රහ, යොවුන් සාහිත්‍ය, විද්‍ය ප්‍රබන්ධ, තීරු ලිපි යන අංශන් හි නිර්මාණ ඔබට යොමු කළ හැක.

සිංහල, දෙමළ හා ඉංග්‍රිසී භාෂාවලින් ලියන ලද කෘති ඉදීරිපත් කරමින්් තරගයට එක්වන්නට ඔබට අවස්ථාව සැලසී ඇත.