උණුසුම් පුවත්

ගෝලීය මුල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් පවතී ජනපති රනිල්

නූතන ජාත්‍යන්තර ණය විසඳුම් ආකෘතිය අදට යෝග්‍ය නැහැ

එයින් අසාධාරණයට ලක් වන්නේ සංවර්ධනය වෙමනි පවතින රටවල්

G 77  3 වැනි දකුණු සමුළුව අමතමින් ජනපති අවධාරණය කරයි.

ගෝලීය මුල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටත් වඩා වර්තමානයේ මතු වී තිබෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ ය.

නූතන ජාත්‍යන්තර ණය විසඳුම් ආකෘතිය වඩාත් සුදුසු වන්නේ පැරිස් සමාජය සහ ලන්ඩන් සමාජය විසින් ගෝලීය ණය විසඳුම් පිළිබඳ ආධිපත්‍ය දැරූ ලෝකය සඳහා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අද වන විට ගෝලීය ණය මෙන් ම විශේෂයෙන් ම සංවර්ධනය වෙමින් පවතින රටවල ණය පැරිස් සමාජයේ සාමාජිකයින් නොවන ණය හිමියන් සහ ජාත්‍යන්තර බැඳුම්කර වෙළඳපොළ විසින් පාලනය කරන බව ද පෙන්වා දුන්නේ ය.

පවතින මුල්‍ය සම්පත් ණය සේවාවක් සේ ලබා ගන්නා විට අත්‍යාවශ්‍ය පොදු සේවා සහ මානව සංවර්ධන ක්‍රියා මාර්ග සඳහා අවශ්‍ය වියදම් වෙනුවෙන් මුල්‍ය පහසුකම් සපයා ගැනීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට නොහැකි වන අතර, එය තිරසාර සංවර්ධන ඉලක්ක සක්ෂ්‍යාත් කර ගැනීම කෙරෙහි බලපාන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පෙන්නා දුන්නේ අද (21) උගන්ඩාවේ කම්පාලා නුවර දී ආර්ඹභ කෙරුණු ජී 77 සහ චීනය කණ්ඩායමේ 3 වැනි දකුණු සම්මේලනය  23rd South Summit of the Group of 77 & China අමතමිනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන සංවර්ධණය වෙමින් පවතින රටවල විශාලතම දන්ධානය ලෙස ගෝලීය දකුණේ රටවලට සිය සාමුහික ආර්ථික අවශ්‍යතා ප්‍රකාශ කිරීමට මෙන්ම ගෝලීය දකුණේ රටවල් අතර අන්තර් සහයෝගිතාවය ඇතුළුව එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ පවතින ජාත්‍යන්තර ආර්ථික ගැටලු පිළිබඳව එක්ව සාකච්ඡා කිරීම වෙනුවෙන් ඉඩකඩ සලසා දීම ජී 77 සහ චීනය සමුළුවේ දී සිදු කෙරේ.

එහි සාමාජික රටවල් 134 අතර වෙළඳාම, ආයෝජන, තිරසාර සංවර්ධනය, දේශගුණික විපර්යාස, දරිද්‍රතාවය තුරන් කිරීම සහ ඩිජිටල් ආර්ථිකය ඇතුළු ක්ෂේත්‍රයන් හි සහයෝගිතාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් 'කිසිවකු අත් නොහරිමු' තේමාව යටතේ එහි 3 වැනි දකුණු සමුළුව කැඳවා තිබුණි.

ජී 77 සහ චීනය සමුළුවේ සභාපතිත්වය මෙතෙක් කියුබානු රජය විසින් මඟින් දැරූ අතර මෙවර එය උගන්ඩා ජනරජය විසින් භාරගනු ලැබිණි.එම සමුළුවේ දී රනිල් වික්‍රමසිංහ මහතා,

"3 වැනි දකුණු සඳහා සත්කාරකත්වය දැක්වීම සහ ජී 77 සහ චීනය" කණ්ඩායමේ සභාපතීත්වය භාර ගැනීම සම්බන්ධයෙන් උගන්ඩා ජනාධිපති යෝවේරී මුසෙවේනි මහතාටත් උගන්ඩා රජයටත් මාගේ සුබ පැතුම් පිරි නමනවා.

ඒ වගේ ම පසුගිය වසර තුළ ජී77 හා චීනය කණ්ඩායම වෙනුවෙන් ලබාදෙන ලද ඵලදායී සහ ස්ථිර නායකත්වය වෙනුවෙන් මම කියුබාවට ද ස්තුති කිරීමට කැමතියි.

කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් මහතා විසින් 2023 සැප්තැම්බර් මාසයේ හවානා හි දී 'වත්මන් සංවර්ධන අභියෝග' මැයෙන් කැඳවූ රාජ්‍ය නායක සමුළුවට මෙන්ම හවානා හි ප්‍රකාශය සම්මත කර ගැනීමට සහාය වීමට ලැබීම ගැන ද මම සතුටු වෙනවා.

ජී77 සහ චීනය කණ්ඩායම පිහිටුවා ගෙන වසර 60 ක් සම්පූර්ණ වීම සමරණ මේ මොහොතේ බහුපාර්ශ්වීය සංමර්ධනය වෙමින් පවති රටවල විශාලතම කණ්ඩායම ලෙස එක්සත්ව කටයුතු කිරීම සහ අප මුහුණ දෙන බහුවිධ අභියෝග ජය ගැනීමට ගෝලීය දකුණේ ස්ථාවරය අඛණ්ඩව ප්‍රකාශ කිරීම අත්‍යාවශ්‍ය යි.

ජී77 සහ චීනය කණ්ඩායමේ ආරම්භක මූලධර්මය වන එකමුතුකම, අනුපූරකත්වය සහයෝගීතාවය සහ තිරසාර ලෙස බාධක අවම කර ගැනීමට යන සංකල්ප අපට එකට වැඩ කළ හැකි ස්ථිර පදනමක් සකස් කරනු ලබනවා.

අද අපි මෙහි දී හමුවන්නේ ලෝකය අභියෝග රැසකට මුහුණ දී සිටින අවස්ථාවකයි. ගැටුම් උත්සන්න වීම, වසංගතයේ ප්‍රතිවිපාක දේශගුණය ආශ්‍රිත ස්වාභාවික විපත් සහ ගෝලීය මුල්‍ය වෙළඳ පොළ වෙනස්වීම මෙන් ම තවත් බොහෝ හේතු නිසා මේ තත්ත්වයන් නිරන්තරයෙන් වෙනස් වෙනවා. වර්ධනය වෙන මෙම තත්ත්වයන් ජී77 සාමාජික රටවල අවදානමට ලක්විය හැකි ආර්ථිකයන් කෙරෙහි අසමාන අන්දමින් මෙන් ම අහිතකර ලෙස ද බලපානවා.

එසේම ගෝලීය මුල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අව්‍ශ්‍යතාවයක් අන් කවරදාකටත් වඩා වර්තමානයේ මතුව තිබෙනවා. නූතන ජාත්‍යන්තර ණය විසඳුම් ආකෘතිය වඩාත් සුදුසු වන්නේ පාරිස් සමාජය සහ ලන්ඩන් සමාජය විසින් ගෝලීය ණය විසඳුම් ආධිපත්‍යය දැරූ ලෝකය සඳහා යි. පැරිස් සමාජයේ සාමාජිකයින් නොවන ණය හිමියන් සහ ජාත්‍යන්තර බැඳුම්කර වෙළඳපොළවල් විසින් පාලනය කරනු ලබනවා.

පවතින මුල්‍ය සම්පත් ණය සේවාවක් ලෙස ලබා ගන්නා විට අත්‍යාවශ්‍ය පොදු සේවාවන් සහ මානව සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය වියදම් වෙනුවෙන් මුල්‍ය පහසුකම් සපයා ගැනීමට අපට නොහැකි වන අතර එය තිරසර සංවර්ධන ඉලක්ක සක්ෂාත් කර ගැනීම කෙරෙහි බලපානවා.

පවතින පොදු රාමුව ඉක්මන් ණය විසඳුමක් ලබා දීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. මේ රාමුව සහ යථාර්ථය අ.ර පවතින නොගැළපීම නිසා මගේ රට ද ද ඇතුළුව රටවල් විශාල සංඛ්‍යාවක මෑථ කාලීන රාජ්‍ය ණය අර්බුද විසඳා ගැනීම ප්‍රමාද වීමට හේතු වී තිබෙනවා.

දේශගුණික විපර්යාසවල බලපෑම අවම කර ගැනීමට සහ ඒවාට අනුවර්තනය වීම සඳහා ගෝලීය දකුණේ රටවල අවශ්‍යතා සපුරාලීමේ දී ගෝලීය  මුල්‍ය සැලැස්මේ ප්‍රබල අසාර්ථකත්වයක් දක්නට ලැබෙනවා. දේශගුණික මුල්‍ය දායකත්වය වීවධ ගෝලීය සංසදවලදී සඳහන් ව ඇතත් මේවා ලබාගත හැකි මුල්‍ය පහසුකම් බවට පරිවර්තනය වී නෑ.

ඩුබායි හි පැවති  COP28 සමුළුවේ දී ශ්‍රී ලංකාව විසින් නිවර්තන කලාපීය මුල පිරීම ඉදිරිපත් කළා. රාජ්‍ය මුල්‍යකරණයේ ඌනතාවයන් සැලකිල්ලට ගනිමින්  ජෛව්‍ය විවිධත්වය මෙන් ම අපගේ සාගර සහ වන සම්පත් ඇතුළු ගෝලීය වශයෙන් පොදු සම්පත් පෝෂණය කිරීම සඳහා පුද්ගලික ආයෝජන උත්ප්‍රෙරණය කිරීම එම නිවර්තන කලාපිය මුලපිරීම මඟින් අපේක්ෂා කරනවා.

අද වෙන විට ගෝලීය වෙළඳ අනුපිළිවෙල තුළ ආර්ථික වර්ධනය ඇති කිරීම සඳහා යොදා ගන්නා සම්පත් ප්‍රමාණය අවම කිරීමත් සමඟ ම පාරිසරික හානිය අවම කිරීම මෙන්ම අවදානම ඉවත් කිරීම පිළිබඳ සංකල්ප සමඟින් ආරක්ෂණවාදී ප්‍රවණතිවනයන් ගේ නැඟීමක් අපට දක්නට ලැබෙනවා.

ගොලීය වෙළඳ ව්‍යූහය තුළ ඒකපාර්ශ්වීය පදනමක් මත එවැනි වෙනස්වීම සිදුවිය නොහැකියි. එවැනි නීථි පිළිබඳ තීරණ ගත යුත්තේ බහුපාර්ශ්වික සංවාදවල දී මස අග නගර එකක හෝ දෙකක දී නොවෙයි.

අප ගෝලීය වෙළඳාමේ සහ ආයෝජනයේ පහසු බව මෙන් ම උපරිම කාරර්යක්ෂමතාව ද සහතික කළ යුතු යි. ජී77 සංවිධානය මේ ක්‍රියාවලිය බ්‍රික්ස් සංවිධානයේ රටවල් සමඟ සම්බන්ධීකරණය කළ යුතු යි.

සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන් මුහුන දෙන තවත් අවාසියක් වන්නේ රැකියා නිර්මාණය කිරීමයි. "තාක්ෂණික වෙනස්කම් මඟින් නිශ්පාදන කුසලතා සහ ප්‍රාග්ධනය තීව්‍ර කරැති අතර අඩු ශ්‍රමයක් අන්තර්ග්‍රහණය කර ඇත" යන ජෝෂප් ස්ට්ග්ලිට්ස් ගේ වචනවලින් මෙය වඩාත් හොඳින් විස්තර කර තිබෙනවා.

එම නිසා ගෝලීය මුල්‍ය ප්‍රතිසංස්කරණය වෙනුවෙන් පෙනී සිටින අතර ම ජී77 සහ චීනය කණ්ඩායම අපේ සාමාජික රටවලට බලශක්ති පරිවර්තනය ඩිජිටල් පරිවර්තනය හරිත ආර්තිකය සහ නව ගෝලීය ආර්තිකයක් වෙනුවෙන් පුහුණු ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සදහා සූදානම් වීමේ උපාය මාර්ග සකස් කළ යුතු වෙනවා."