දෙසුම් තුනක් - ඇතුගලගෙන්, ප්‍රණීත්ගෙන් හා ජයන්තගෙන්
සම්මානනීය ගත්කතුවර චම්මින්ද වෙලගෙදර විසින් රචිත නවතම කෘතිය 'ස්වප්නේශ්වර' හෙට (28) දොරට වඩී. ඒ මහවැලි කේන්ද්‍රයේ දී ය. පස්වරු 2. 30 ට පමණ ය.
ස්වප්නේශ්වර නවකතාව එළිදැක්වීමේ උලෙළේ දී මහාචාර්ය ආරියරත්න ඇතුගල, මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර හා සම්මානනීය සිනමාකරු ජයන්ත චන්ද්‍රසිරි යන මහත්වරු අදහස් දක්වති.
අමිත්ත සංජය වීරසිංහ මහතා ස්වප්නේශ්වර උලෙළේ දී සංගීතයෙන් මහවැලි කේන්ද්‍රයට රොක්වන චම්මින්ද ගේ මිතුරු කැල කුල්මත් කරවනු ඇති.