අහස ටිකක් නිහඬයි
ඊයේ ඉඳන් වැස්ස පෑයුවා වගේ අහස ටිකක් නිහඬව හිටියා.
ඒත් එකපාරටම යන්න බැරි කෙනෙක් යමින් යමින් හැරි හැරී බලන්නැහේ ආයෙත් උදේ මෙන්න වහින්න ගත්තා.
ස්වභාවධර්මය කාලානුරූපීව 
විශ්වධර්මතා අනුව සිදුවෙනවා කීවාට ඒවා සිදුව ඇත්තේත් කිසියම් කර්මානුරූපී ක්‍රියාවකට අනුව බව අපි බුද්ධ ජීවන මග්ගය අනුව සිතනවා.
එහෙත් අප වසනා භූමියේ වෙන වෙනස්කම් වලටත් කර්මය බලපාන බව අවසාන සත්ත්‍යයේ ඉමක් වුවත් අනෙක් සියල්ලම සිදුවන්නේ කිසියම් සැලැස්මකට අනුව හා යම් මාර්ග සිතුවමක් මත බව අද අපිට පිළිගන්නට වෙලා තියෙනවා . ඒ සිදුවන යුද්ධ ,අරගල, මිනිස් ඝාතන ,බල පෙරළි හා ජයග්‍රහණ දෙස ආපසු හැරී බැලීමේදී.
එහෙත් ඒ සඳහා ප්‍රතික්‍රියා නොකරන, එසේ නොමැති සමාජයක දී අට ලෝ දහම හුරු හෙළයා එයත් කර්ම ගිණුමේ පාප ලෙජරයට එක් කරනවා. ඒ ගැන ආයේ සිතන්නට බියවන්නේ එය ගැලපිලි සටහනකින් වසා දැමීමෙන්.
සියල්ල සිදුවන්නේ කර්මයට අනුවදැයි සිතීමට පෙර එසේ සිතීමට අපි නැඹුරු වෙන්නේ ඇයිද යන්න සෙවීමයි වැදගත්.
එය බොහෝ දෙනෙක් නොසොයන සමාජයක සොයාගන්න එකා උනත් රකින්නට කිසිවකු ඉදිරිපත් නොවන වටාපිටාවක ඔබත් මමත් විත්තිකරුවෝ නොවෙමුද?
ගමනක් යද්දී එකෙකුට මූත්රාබරක් හැදී ඔහු එයට යද්දී අන් බහුතරයද ඔහු අනුගමනය කිරීමේ එකමුතුව හෝ අද නිවැරදි දේ පෙන්වා දෙන තැනක් වටා එකතු නොවේ.
අද ලභය පෞද්ගලිකව විඳින සමාජයක මිනිසුන් දුක පොදුවේ අනුභව කරන්නේ මුලින්ම එම රිදුමට එරෙහි වූ එකාට එකතු නොවීමේ වන්දිය නිසා නොවිය හැකිද?
කෙසේ වෙතත් අපි හැමදාමත් ස්ථාලය වසන්නේ අශ්වයා පැණ යාමෙන් පසුවය. ඉන්පසු පැමිණි දුක පැනිරසයැයි සිතා වළඳමු.
එසේ නොමැතිනම් අපි මුහුද හත්ගව්වක් ඉදිරියේ තිබියදී අඹුඩය ( අමුඩය ) ගසා ගොඩ පිහිනමු.
ඒ නිසා සියල්ලම සිදුවන්නේ කර්මය නිසාවත් සියලු පෙරලි සිදුවන්නේ පරිසරය විසින්වත් නොවේ යන්න අපි තවදුරටත් නොදන්නා අයවළුන් සේ සිටීමේ මුග්ධ බවින් මිදීමේ කාලය අපිට දේශීය හා ජාත්‍යන්තර බලවේග හා සැලසුම් ( Agenda) මගින් නිරන්තරයෙන්ම සිහිපත් කරවමින් තිබේ.
එයින් ගොඩ යන්නට
අපි අපිම වෙන්නේ කවදාද?
එහෙත් අපු අපිම විය යුතුය.
අපි අපිම වෙමු.
සුවපත්ව සිතීමේ හා සිටීමේ අයිතිය ඔබට ලැබෙන සුන්දර දොහක්!
 චම්මින්ද වෙලගෙදර .
චම්මින්ද වෙලගෙදර .
03-04-2025.
 
            