සොඳුරු ලේඛක සොඳුරු පරිපාලන නිලදරු දකුණේ වත්මන් අභිමානනීය භාරකරු
බන්දුල හරිස්චන්දු මහතා දකුණේ නව ආණ්ඩුකාරවරයා සේ අද උදේ වැඩ අරඹන ලද්දේ බොහොම චාම් හා සරල පිළිවෙතක පිහිටමිනි.
ඉතා කිර්තිමත් රාජ්‍ය පරිපාලන සේවා නිලධාරියකු වන බන්දුල හරිස්චන්ද්‍ර මහතා කෘතහස්ථ ලේඛකයෙකි. ඔහු හිටපු දිසාපතිවරයෙකි. අමාත්‍යාංශ කිහිපයක ලේකම් ධූරය හෙබවනු ලැබූ පියමනාප නිලධාරියෙකි. ඔහු වවුනියාවේ දිසාපතිවරයා සේ මීට කලකට පෙර සේවයේ නිරත විය.
හේ ගාල්ලට සපැමිණෙන්නේ ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ සහකාර කොමසාරිස්වරයා සේ ය.
පුවත්පත් කලාවට පෙම්බැඳි දකුණේ නව ආණ්ඩුකාරවරයා වන බන්දුල හරිස්චන්ද්‍ර කලාකරුවෙකි. ඔහු දිගු කලක් අම්පාර දිසාවේ සිය වෘත්තීය කටයුතුවල යෙදුණු රාජ්‍ය නිලදරුවෙකි. පහුගිය කාලයේ දී පුවත්පතකට නේත විධ ලිපි ලියමනි ලාංකේය ජනතාව ඥාණනය කරමින් සිය පන්හිඳ හැසිර වූ බන්දුල හරස්චන්ද්රයාණන්ට "හෙළදිව" ඊ පුවත් සංග්‍රහයේ උණුසුම් සුබ පැතුම් පිරි නමමු.