පරසතු මල් චිත්‍රපටය විකාශනයට රූපවාහිනී නාලිකාවලට ලබා දීම හේතුවෙලා


එක්දහස් නමසිය හැටේ දසකයේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය චිත්‍රපටයක් වූ, 'පරසතු මල්' චිත්‍රපටය පෞද්ගලික රූපවාහිනී නාලිකා සඳහා, විකාශනයට ලබා දීමෙන් එහි නිශ්පාදක, චිත්‍රා බාලසූරිය මහතා ගේ බුද්ධිමය දේපොළ, උල්ලංඝණය කර ඇතැ යි තීන්දු කළ, ශ්‍රේෂඨාධිකරණය එයින් බාලසූරිය මහතාට සිදුවූ හානියට, රුපියල් (750000) හත් ලක්ෂ පනස් දාහක වන්දියක් ගෙවන ලෙසට, චිත්‍රපට සංරක්ෂකයකු වූ, නැසීගිය තිස්ස නාගොඩ විතාන මහතා ගේ පුත්‍රයාට නියෝග කළේ ය.
කොළඹ වාණිජ මහාධිකරණය චිත්‍රා බාලසූරිය මහතාට, මේ සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 15 ක් ගෙවීමට, නියම කර තිබු තීන්දුවට එරෙහිව, චරිත් අභිෂේක් නාගොඩ විතාන මහතා ගොනු කොට තිබු, අභියාචන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙරේදා (28) මෙම නියෝගය කරනු ලැබී ය.

