ආර්ථිකඋණුසුම් පුවත්

චීනයේ කුඩා හා මධ්‍යම වානිජ ව්‍යවසායකත්ව සංගමයේ පිරිසක් දිනේෂ් බැහැදකී

උසස් තත්ත්වයේ කුරුඳු චීනයට - පුණර්ජීවනීය බල ශක්ති සංවර්ධන සහාය අපට

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන කුඩා හා මධ්‍යම වාණිජ ව්‍යවසායකයන්ගේ සංගමය (CASMCE) අතර හමුවක් අද (2024.04.25) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
පුනර්ජනනීය බලශක්ති, වාහන නිෂ්පාදන, කෘෂි තාක්ෂණ , කඩදාසි හා මුද්‍රණ ආශ්‍රිත ක්ෂේත්‍ර පුළුල් කිරීම හා වෙළඳ ආයෝජන පිළිබඳව මෙහිදී අවධාණය යොමු කෙරිණි.
අග්‍රාමාත්‍යවරයා චීනයේ සංචාරය කිරීම පිළිබඳව චීන ජනතාව ඉතා සතුටට පත්වන බව CASMCE සංගමයේ සභාපති රෙන් සිංග්ලේ (REN XINGLEI) මහතා මෙහිදී ප්‍රකාශ කළ අතර එම සංචාරය පිළිබඳව ස්තුතිය පළ කළේය.
මෙරට සූර්ය බල ශක්තිය, සුළං ශක්තිය සහ ජෛව ස්කන්ධ ශක්තිය ආශ්‍රිත කර්මාන්ත නගා සිටුවීම සඳහා ආයෝජනය කිරීමට හැකියාව පවතින බව CASMCE සංගමයේ උපසභාපති සු සියෑන්ග් (XU XIANG) මහතා මෙහිදී ප්‍රකාශ කළේය.