ආර්ථිකඋණුසුම් පුවත්කාලීනදේශපාලන

චීනයේ “New Blueprint, New Horizon” සැලස්ම විපක්ෂ නායක සජිත් ගේ අගැයුමට!

"New Blueprint, New Horizon” යන මාතෘකාව යටතේ චීනයේ 15 වැනි පස් අවුරුදු සැලැස්ම දියත් කිරීමේ උත්සවය අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චීන මහජන සමූහාණ්ඩුවේ සංවර්ධන ජයග්‍රහණ අගය කළේ ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම වන New Blueprint New Horizon එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් චීනය වෙළෙඳපොළ මත පදනම් වූ ආර්ථික වර්ධනය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සමඟ සාර්ථකව ඒකාබද්ධ කර ඇති ආකාරය ඉස්මතු කරමින්, යුක්තිය සහ සාධාරණත්වය සමඟ ධනය නිර්මාණය කිරීම සහතික කරන ආකාරය ඉස්මතු කරන ලදී. එසේම දරිද්‍රතාවය පිටුදැකීම, තාක්ෂණික දියුණුව සහ වෙනස්වන ගෝලීය අභියෝගවලට අනුවර්තනය වීමේ හැකියාව කෙරෙහි චීනයේ දැඩි අවධානය ද විපක්ෂ නායකවරයා විසින් මෙහි දී අගය කළේය.

චීනය සහ ඉන්දියාව අතර ශක්තිමත් සහයෝගීතාවය ගෝලීය දකුණේ සාමූහික හඬ වැඩි දියුණු කරන බවත් ජාත්‍යන්තර දේශපාලන හා ආර්ථික පිළිවෙළ වඩාත් ඇතුළත් සහ සාධාරණ වීමට ප්‍රතිසංස්කරණය කිරීමට උපකාරී වන බවත් මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් අවධාරණය කළේය.

චීනයට එම ජයග්‍රහණයට සහ ශ්‍රී ලංකාව සමඟ ඇති දිගුකාලීන සම්බන්ධතාවයට සුබ පතමින්, “New Blueprint, New Horizon” සැලැස්ම චීන ජනතාවගේ ජීවිත නඟා සිටුවීමට පමණක් නොව ගෝලීය සමෘද්ධිය, සාමය සහ සමගිය සඳහා දායක වනු ඇති බවටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී ප්‍රකාශ කර සිටියේය.